IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පකිස්ථාන හමුදා වෙදත් පෝරකේ

2009 වසරේ පකිස්තානයේ තරග සංචාරයක නියැළී සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඉලක්ක කළ ඝාතන තැත පසුපස සිටි පකිස්තාන හමුදා වෛද්‍යවරයෙකු හා තවත් ත්‍රස්තයින් දෙදෙනෙකු එල්ලා මරා දැමූ බවට එරට බන්ධනාගාර දෙපාර්තමෙන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.

වෛද්‍ය උස්මාන් යනුවෙන් තමන් හදුන්වාගෙන ඇති බව කියන මේ වෛද්‍යවරයා ක්‍රිකට් කණ්ඩායමට එල්ල වූ ප්‍රහාරය සැළසුම් කළ මහ මොළකරු ලෙස සැළකුණි.

පකිස්තානය කලක සිට අපරාධකරුවන්ට මරණ දඬුවම ලබාදීම අත්හිටුවා තිබුණුද පසුගියදා පෙෂාවර් ප්‍රදේශයේ පාසලකට කඩාවැදුණු ත්‍රස්තයින් පිරිසක් පාසැල් දරුවන් ඇතුළු 149 දෙනෙකු ඝාතනය කිරීමේ සිදුවීමෙන් පසු මරණ දඩුවම නැවත වරක් බලාත්මක කිරීමට එරට බළධාරීන් කටයුතු කර ඇත.

මේ හා සමගම පකිස්තානයේ ප්‍රධාන සිරගෙවල් වලට නිවේදනයක්ද නිකුත් කර තිබෙන ඔවුන් එහි සඳහන් කර තිබෙන්නේ මරණ දඩුවම නියමවී තිබෙන ත්‍රස්ත නායකයින් ගලවාගැනීමට ඔවුන්ගේ අනුගාමිකයින් ප්‍රහාර එල්ල කළ හැකි නිසා ආරක්ෂාව තර කිරීමට වහාම පියවර ගන්නා ලෙසයි.

පෙෂාවාර් ප්‍රහාරයෙන් පසු කිසිදු අනුකම්පාවක් නොදක්වා පකිස්තානයේ ඔඩුදුවා ඇති ත්‍රස්තවාදය හා අන්තවාදය මුලිනුපුටා දමන බව පක්ෂ විපක්ෂ දේශපාලඥයින් හා ආරක්ෂක අංශ ශපථ කර ඇත.



අදහස් (0)

පකිස්ථාන හමුදා වෙදත් පෝරකේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 46 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 838 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 607 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site