IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


පාකිස්තාන අගමැති ගිලානි ආරක්ෂක ලේකම් නෙරපයි

ආරක්ෂක ලේකම්වරයා එම තනතුරෙන් නෙරපා දැමීමට පාකිස්තාන අගමැති යූසොෆ් රාසා ගිලානි පියවර ගැනීමත් සමඟ රටේ පවතින අර්බුදකාරී තත්ත්වය තවත් උග‍්‍රවනු ඇතැයි එරට හමුදාව අනතුරු අඟවයි. ආරක්ෂක ලේකම් විශ‍්‍රාමික ලූතිනන් ජනරාල් නයීම් කලීඞ් ලෝඞී තනතුරෙන් නෙරපා දැමීමට අගමැති ගිලානි කටයුතු කළේ ලෝඞී අයථා අන්දමින් හා නීති විරෝධී ලෙස කි‍්‍රයා කිරීමත් එසේ කටයුතු කිරීමේදී රජයත් අධිකරණ පද්ධතියත් හමුදාවත් අතර අනවබෝධයක් ඇතිවීමත් යන චෝදනා ඔහුට එල්ලවීම නිසාය. සිවිල් රජයක් පවතින පාකිස්තානයේ හමුදා කටයුතු සම්බන්ධ වගකීම් රැසක් බාරව සිටින ජේෂ්ඨතම සිවිල් නිලධාරියා ආරක්ෂක ලේකම්වරයාය. එපමණක් නොව පාකිස්තාන හමුදාවේ ප‍්‍රධානතම උපදේශකයා ද ඔහුය. ”ආරක්ෂක ලේකම්වරයා ලෙස ලෝඞී කටයුතු කර තිබෙන්නේ නීති විරෝධී අන්දමටයි. රජය, අධිකරණය සහ හමුදාව අතර මතභේද නිර්මාණය වී තිබෙන්නේ ලෝඞීගේ අයථා කටයුතු නිසයි” අගමැති ගිලානි පවසයි. ලෝඞී තනතුරෙන් ඉවත් කිරීමට අගමැතිවරයා ගත් තීරණය හමුදාවේ දැඩි දෝෂදර්ශනයට ලක් වී ඇත. පාකිස්තානයේ හමුදාව ඉතා ප‍්‍රබල මෙන්ම ශක්තිමත් එකකි. වසර 64 ක් තරම් කෙටි ඉතිහාසයක් ඇති පාකිස්තානයේ හමුදා කුමන්ත‍්‍රණ මගින් ආණ්ඩු පෙරළීම් තුනක් සිදුවිය. අවසන් වරට හමුදා කුමන්ත‍්‍රණයක් සිදුවූයේ 1999 වසරේදීය. එවකට හමුදාපතිව සිටි පර්වේස් මුෂාරෆ් පාකිස්තාන ජනාධිපති ධුරයට පත්වූයේ ඉන් පසුවය. දැන් යළිත් වරක් පාකිස්තානයේ සිවිල් රජයක් පවතියි. රජයේ කටයුතුවලට කිසිදු ආකාරයකින් මැදිහත් නොවන බවත් ඇඟිලි නොගසන බවත් වත්මන් පාකිස්තාන හමුදාපති අස්ථාෆ් කයානී, 2007 වසරේදී එම ධුරයට පත් වූ අවස්ථාවේ කියා සිටියේය. කෙසේ නමුත් පාකිස්තන රජයත් හමුදාවත් අධිකරණයත් අතර අර්බුදයක් නිර්මාණය වූයේ පාකිස්තාන ජනාධිපති අල් සර්දාරි මීට මාස කිහිපයකට පෙර ඇමෙරිකා හමුදාවෙන් උදවු ඉල්ලා යැවූ සන්දේශයක් හේතුවෙනි.  පාකිස්තානයේ යළි හමුදා කුමන්ත‍්‍රණයක් ඇති වුවහොත් පාකිස්තාන හමුදාව අඩපණ කිරීමට ඇමෙරිකා හමුදාවේ සහාය පතන බව එම සන්දේශයෙහි සඳහන් විය. ජනාධිපති සර්දාරි එම සන්දේශය ඇමෙරිකා හමුදා ප‍්‍රධානීන්ට යවා ඇත්තේ එවකට ඇමෙරිකාවේ සිටි පාකිස්තාන තානාපති හුසේන් හක්කානීගේ මාර්ගයෙනි. මෙය මාධ්‍යවලට අනාවරණය වීමත් සමඟ හක්කානී තානාපති ධුරයෙන් ද ඉවත් විය. පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය මේ වනවිටත් සිද්ධිය ගැන විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. එම පරීක්ෂණ පැවැත්වීමට අනුබල දී තිබෙන්නේ පාකිස්තාන හමුදාවය. ඒ පසුපස ආරක්ෂක ලේකම් ලෝඞී ද සිටියි. පාකිස්තාන රජයේ අවසරයකින් තොරව ශ්‍රේෂ්ඨාධිකරණය පරීක්ෂණයක් පැවැත්වීම ආණ්ඩුකම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් යැයි පාකිස්තාන රජය චෝදනා කරයි. ඇමෙරිකාවට යැවුණු එම සන්දේශය හේතුකොට ගෙන ජනතාවගේ අප‍්‍රසාදයට ලක් වී සිටින පාකිස්තාන ජනපති අසීෆ් අලී සර්දාරි වහා ධුරයෙන් ඉවත් විය යුතු යැයි පාකිස්තාන හමුදාව මීට පෙර ප‍්‍රකාශ කළේය. ඇමෙරිකාව පාකිස්තානයේ ස්වෛරීභාවය දිගින් දිගටම උල්ලංඝණය කරන්නේ ජනාධිපති සර්දාරි දුර්වල නායකයකු නිසා යැයි පාකිස්තාන හමුදාව චෝදනා කර ඇත.  



අදහස් (0)

පාකිස්තාන අගමැති ගිලානි ආරක්ෂක ලේකම් නෙරපයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 267 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 404 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 388 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site