පාකිස්තාන අගමැති රාජා පර්වේස් අෂ්රාෆ්ට එල්ල වී ඇති දුෂණ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වමින් සිටි එරට දුෂණ විමර්ශන අංශයේ නිලධාරියකු සිය දිවි හානි කරගෙන ඇතැයි එරට පුවත් සේවා පවසයි.
මියයෑමට දින කීපයකට පෙර කම්රාන් ෆයිසාල් නමැති එම නිලධාරියා දුෂණ විමර්ශන අංශ ප‍්‍රධානී ෆසිල් බොකාරී හමුවී ඉල්ලා ඇත්තේ තමා එම පරීක්ෂණ කටයුතුවලින් ඉවත් කරන ලෙසටය.
පාකිස්තාන බලශක්ති ව්‍යාපෘතිවලදී සිදුවූ දුෂණවලට අගමැති අෂ්රාෆ් ඇතුළු 15 දෙනකු සම්බන්ධ යැයි චෝදනා එල්ල වී ඇති අතර එම පිරිස තරාතිරම නොබලා අත්අඩංගුවට ගන්නැයි එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ ඉකුත් සතියේය.
එහෙත් ඉකුත් බ‍්‍රහස්පතින්දා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෙනී සිටිමින් දුෂණ විමර්ශන අංශ ප‍්‍රධානී ෆසිල් බොකාරී අගවිනිසුරුවරයාට පැවැසුවේ අගමැති හෝ සෙසු නිලධාරීන් හෝ අත්අඩංගුවට ගැනීමට ප‍්‍රමාණවත් සාක්ෂි නොමැති බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිවි නැසීමක්ද? දිවි හානිකර ගැනීමක්ද? (නි)