මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකු ඊයේ (07) නිරිතදිග පාකිසථානයේ ක්වෙටා නගරයේ රජයේ කාර්යාල අසල බෝම්බ පුපුරවා ගැනීම නිසා අඩු තරමින් පුද්ගලයින් 15 දෙනෙකුවත් මිය යන්නට ඇතැයි පොලිසිය පවසයි. ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක නිලධාරියකු ඉලක්ක කරගෙන මෙම බෝම්බ පුපුරුවා ගෙන ඇතැයි මූලික පරීක්‍ෂණවලදී හෙළිවී තිබේ. එක් බෝම්බකරුවෙක්, පුපුරන ද්‍රව්‍ය සහිත රියක්, උසාවි භූමියෙහි නවතා තිබූ බලූකිස්ථානයෙහි ආරක්‍ෂක අංශ බාර නිලධාරියකු සතු වාහනය අසලදී පුපුරුවා හැරියේය. අනෙක් බෝම්බකරුවා එම ජ්‍යෙෂ්ඨ නිලධාරියාගේ නිවසට ගොස් බෝම්බය පුපුරවා ගත්තේය. එම ප‍්‍රහාරයෙන් එහි සිටි ආරක්‍ෂක භටයන් මිය ගිය බව පොලිස් ආරංචි මාර්ග තවදුරටත් කියයි. එම නිවසේ හා යාබද කාර්යාලවලට මින් හානි සිදුවී තිබේ. මෙම ප‍්‍රහාරවල වගකීම මෙතෙක් කිසිම ප‍්‍රචණ්ඩකාරී සංවිධානයක් බාරගෙන නැත. අල්කයිඩා සංවිධානයට සමීප පාකිස්ථානයේ තලෙයිබාන් සංවිධානය මෙවැනි ප‍්‍රහාර පාකිස්ථානය තුළ නිතර දියත් කරයි. පාකිස්ථානය, ඇමෙරිකාව සමග නව සබඳතා ආරම්භ කිරීම ප‍්‍රචණ්ඩකාරී සංවිධානවල ප‍්‍රකෝපයට හේතුවී තිබේ. පළාතේ බලූකිස්තාන ස්වයං පාලනයක් ඉල්ලා සිටින ප‍්‍රචණ්ඩකාරී පිරිස්, තෙල් හා අනෙක් සම්පත්වලින් ලැබෙන ආදායමෙන් වැඩි කොටසක් ඉල්ලා සිටිති. බලූකිස්තානයේ අගනුවර ක්වෙටා නගරය වෙයි. එම පළාතේ පාලනය තමන් හට බාර දෙන ලෙස ප‍්‍රචණ්ඩකාරී සංවිධාන දසක ගණනාවක් තිස්සේ සටන් වැද සිටිති.
2025 දෙසැම්බර් මස 18
593
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාකිස්තානයේ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර දෙකක්