නවසීලන්තයේ මාස්ටර්ටොන් නගරය ආසන්නයේ ප්‍රාදේශීය ගුවන්තොටුපළකට ගොඩබෑමට ගිය සැහැල්ලු ගුවන්යානා දෙකක් එකිනෙක ගැටීමෙන් ගුවන් නියමුවන් දෙදෙනා මියගොස් ඇතැයි වාර්තා වේ.
එම අවස්ථාවේ ගොඩබැස්වීමට සූදානම් වූ හෙලිකොප්ටරයක් අනතුරින් ගැලවුණු බව පොලිසිය පවසයි.
විශාල ශබ්දයක් නිකුත්වුණු බවත් ගුවන්යානා සර්පිලාකාරව බිමට ඇදවැටුණු බවත් එය දුටුවන් පවසා ඇත.
අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd