ඉන්දියාවේ නවදිල්ලි අධිකරණයක, නඩු විභාගයක් පැවැත්වෙද්දී, නීතීඥවරුන් ලෙස වෙස්වලා ගනිමින්, අධිකරණ ශාලාවට කඩා වැදුණු තුවක්කුකරුවන් දෙදෙනකු කළ වෙඩි තැබීමකින් අපරාධ කල්ලි නායකයෙක් ජීවිතක්ෂයට පත් විය.
නඩු විභාගය පැවැත්වෙමින් තිබුණේ, ජිතේද්‍ර ගෝජී නමැති එම අපරාධ කල්ලි නායකයාට එල්ල වුණු චෝදනා සම්බන්ධයෙනි. ජිතේද්‍ර ගෝජී යනු ඉන්දියාවේ ප්‍රකට අපරාධ කල්ලි නායකයකු වන අතර ඔහු පසුගිය වසරේ සිට තිහාර් බන්ධනාගාරයේ රදවා තැබුණු බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
වෙඩි තැබීමත් සමග හටගත් කලබලය මැද, නීතීඥවරුන් හිස්ලූලූ අත දිව යන අයුරු දැක්වෙන විඩියෝ දසුන් මේ වනවිට ඉන්දීය මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් වී තිබේ.
අපරාධ කල්ලි නායකයාගේ ආරක්ෂාවට පොලිස් කණ්ඩායමක් යොදවා සිටි බවත්, ඔවුන් සහ තුවක්කුකරුවන් දෙදෙනා අතරේ දරුණු වෙඩි හුවමාරු පැවැති බවත් පැවැසෙයි.
එම වෙඩි තැබීමෙන් තුවක්කුකරුවන් දෙදෙනා මරා දැමීමට හැකි වුවත්, ඒ වනවිට ඔවුන් සිදු කළ වෙඩි තැබිම්වලින් ජිතේද්‍ර ගෝජී මියගොස් සිටි බවත් පොලිසිය පසුව පැවැසීය.
ජිතේද්‍ර ගෝජී ට වෙඩි තබා ඝාතනය කරන්න ඇත්තේ 'තිල්ලු ගෑංග්' නමැති අපරාධ කල්ලිය යැයි සැක කෙරේ. මෙම අපරාධ කල්ලිය සහ ජිතේද්‍ර ගෝජී අතර එදිරිවාදිකම් පැවැතිණි.
(එන්.ඩී.ටීවී.)
2025 දෙසැම්බර් මස 04
357
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
431
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
403
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නවදිල්ලි අධිකරණයක් තුළ වෙඩි තැබීමක්