IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


නයිරෝබි සත්වෝද්‍යානයේ සිංහයෝ එළියට පනිති

කෙන්යාවේ අගනුවර වන නයිරෝබි සමිපයේ පිහිටි ජාතික වනෝද්‍යානයේ    සිංහයන් කීපදෙනෙකු රාත්‍රිකාලයේදී ඉන්  පිටතට පැන නගරයේ දඩාවතේ යාම  හේතුවෙන් නයිරෝබි නගර වාසින්ට අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙසේ පැනගිය සිංහ ධේනුවෙක් සහ ඇයගේ පැටවුන් දෙදෙනෙක් වනජීවි සේවකයන් විසින්  නැවත අල්ලා ගෙන වනෝද්‍යානය වෙත මුදාහැර  තිබේ. තවත් පැනගිය සිංහයින් දෙදෙනෙක් නැවතත් නයිරෝබි වනෝද්‍යානය වෙත සිය කැමැත්තෙන්ම  ගමන් කර ඇති බවට ඔවුන්  විශ්වාස කරයි.

මීට අමතරව තවත් සිංහයින් නගරයට ඇතුල්වී ඇත්දැයි තවමත් පැහැදිලි වී නොමැත.

යම් නගරවාසියෙක් මෙම සිංහයන් දුටුවහොත් නොමිලේ ලබා ගත හැකි දුරකතන මාර්ග ඔස්සේ බලධාරින් දැනුවත් කරණ ලෙස උපදෙස් නිකුත් කර තිබේ.

කෙන්යා වනජීවි සේවයේ ප්‍රකාශක පෝල් උඩොටෝ පවසා ඇත්තේ සිංහයන් ඉතාමත් භයානක සත්ව කොට්ඨාශයක් බැවින් කිසිවෙක් මෙම   සතුනට මුහුණදීම හෝ අභියෝග කිරීම  නොකල යුතු බවයි.

නයිරෝබි ජාතික වනෝද්‍යානයඅධික ජනගහනයෙන් යුත් කිබෙරා මුඩුක්කු ද පිහිටා ඇති නගරයේ දකුණු ප්‍රදේශයෙන් වෙන්වී ඇත්තේ ප්‍රධාන මාර්ගයෙන් වේ.

 

 



අදහස් (0)

නයිරෝබි සත්වෝද්‍යානයේ සිංහයෝ එළියට පනිති

යෝනක Sunday, 21 February 2016 03:11 AM

අහනකොටත් බයයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 441 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 246 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1035 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site