බොකෝහරාම් සංවිධානය විසින් පසුගිය මාසයේ දී ඊසාන දිග නයිජීරියාවේදී පැහැරගත් පාසල් සිසුවියන් 110 දෙනා නිදහස් කොට ඇතැයි එරට රජය පැවසු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තුවක්කුකරුවන් 50 දෙනෙකු පමණ කඩාවැදී මෙම දරුවන් ඩප්චි නගරයේ පාසලකදී පැහැර ගෙන ඇත. රජයේ ආරංචි මාර්ග ප්‍රකාශ කරන්නේ ගැහැනු දරුවන් 110 දෙනාගෙන් 101 දෙනෙකු මේ වනවිට නිදහස් කල බව ස්ථිර අතර ඉතිරි 9 දෙනා තවමත් ලැයිස්තු ගත කර නොමැති අතර එහෙත් ඔවුන්ද නිදහස් කරඇති බවයි.
එරට ප්‍රවෘත්ති අමාත්‍ය ලායි මොහොමඩ් විදෙස් මාධ්‍ය වලට පවසා ඇත්තේ කිසිම කප්පම් මුදලක් මේ වෙනුවෙන් නොගෙවූ බවයි. මෙම පැහැරගැනීමට එරෙහිව රජය විසින් හමුදා පියවර නොගැනීමට ඇතිකරගත් එකම කොන්දේසිය මත මෙම නිදහස් කිරීම සිදුව ඇතැයිද එරට ප්‍රවෘත්ති අමාත්‍ය වරයා පවසා ඇත.
ඊසානදිග නයිජීරියාවේ යෝබේ ප්‍රාන්තයේ ඩප්චි නගරයේ රජයේ විද්‍යා සහ තාක්ෂණ පාසලට ඉකුත් පෙබරවාරි 19 වැනි දා කඩාවැදුණු බොකොහරාම් සංවිධානයේ සටන්කාමීන් මෙම ගැහැණු දරුවන් 110 දෙනා බලහත්කාරයෙන් පැහැරගෙන යන ලදි.
සිද්ධිය ඇසින් දුටුවෙකු කියාසිටියේ සටන්කාමීන් සුලු වේලාවක් ළමුන් අමතා කථා කොට එම ස්ථානයෙන් පිටව ගිය බවයි. 2014 වර්ෂයේදී උතුරු බොර්නෝහී චිකොබ් නගරයේදී පාසල් සිසුවියන් 276 දෙනෙකු බොකොහරාම් සංවිධානය විසින් පැහැරගත් අතර ඉන් 100 දෙනෙකු කිසිම දිනක නැවත තම පවුලට එක් නොවුණි.
(255)
2025 දෙසැම්බර් මස 18
10
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
116
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නයිජීරියාවේ පැහැරගත් සිසුවියන් 110 දෙනා නිදහස්