නයිජීරියාවේ උතුරුදිග කස්ටිනාහි ඉස්ලාම් අධ්‍යාපන ආයතනයක දම්වැල් වලින් බැඳ දමා සිටි තරුණයින් 67දෙනකු බේරාගැනීමට හැකිවූ බව පොලිසිය පවසයි.
මොවුන්ට අමානුෂික වදහිංසා හා ලිංගික අඩත්තේට්ටම් කර ඇති බවද සොයාගෙන ඇත.
මෙම පිරිස වයස අවුරුදු 7 - 40 ත් අතර වයසේ පසුවන අය බව පොලිසිය සිදුකල මූලික පරීක්ෂණවලින් හෙළවී තිබේ.
ඉස්ලාම් දහම උගන්වන බව පවසමින් වසර කිහිපයක සිට මොවුන් මෙම ස්ථානයේ රඳාවාගෙන ඇති බවත් සමහර පුද්ගලයින් අත්අඩංගුවේ සිටියදී මියගොස් ඇති බවත් සඳහන් වේ.
පොලිසිය විසින් 78හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර රැඳවියන් නිවාස ගතකිරීමට සැලසුම්කර ඇතැයි වාර්තා වේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
අන්තවාදයේ ප්‍රතිඵල. දිළිඳුකම හා වැඩිදුර අධ්‍යාපනයක් නොමැතිකමින් මෙම රටවල තරුණ තරුණියෝ ලෙහෙසියෙන් නම්මා ගන්න පුළුවන් අන්තවාදී අදහස්වලට.
දැන් ලෝකය මාරයා විසින්ම පාලනය කෙරෙන බව පැහැදිලියි.