IMG-LOGO

නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බලය ට්‍රම්ප්ගේ පක්ෂයෙන් ගිලිහෙයි

ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට ප්‍රබල පහරක් එල්ල කරමින් ඇමෙරිකා එක්සත් ජනපදයේ මධ්‍යවාර මැතිවරණයෙන් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ පාලනය තමන් සතු කරගැනීමට ඩිමොක්‍රටික් පක්ෂය සමත්ව සිටි. 
 
ඩිමොක්‍රටික් පක්ෂය ඇමෙරිකා එක්සත් ජනපද කොංග්‍රසයේ පහළ මන්ත්‍රී මණ්ඩලය වන නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ පාලනය තමන් සතු කරගත්තේ වසර අටකට පසුවය. මේ තත්ත්වයත් සමඟ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීමට බාධා එල්ල වනු ඇත.
 
කෙසේ නමුත් ජනාධිපති ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂය සෙනට් සභාවේ බලය අල්ලා ගැනීමේ සටනක නිරත වී සිටියි. 
 
ඇමෙරිකා එක්සත් ජනපදයේ වත්මන් දේශපාලන තත්ත්වය ධ්‍රැවීකරණය වෙමින් පවතින බවත් අඟහරුවාදා (6) පැවැති මැතිවරණය ජනාධිපති ට්‍රම්ප් සම්බන්ධයෙන් පැවැති ජනමත විමසුමක් යැදි බොහෝ විශ්ලේෂකයන් විසින් පෙන්වා දෙනු ලැබිණි. කෙසේ වෙතත් ජනාධිපති ට්‍රම්ප් 2020 දී ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවනු ඇතැයි පැවසේ. 
 
ඩිමොක්‍රටික් පක්ෂය මධ්‍යවාර මැතිවරණයෙන් ජය ලැබීම ඓතිහාසික ප්‍රවණාතව තවදුරටත් තහවුරු වීමකි. ඉතිහාසයේ සෑම අවස්ථාවකදීම මධ්‍යවාර මැතිවරණයේ ජය හිමිවූයේ ජනාධිපතිවරයාගේ පක්ෂයට නොව අනෙක් පක්ෂයටය. 
 
ඒ.එෆ්.පී/රොයිටර්
 
055



අදහස් (0)

නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බලය ට්‍රම්ප්ගේ පක්ෂයෙන් ගිලිහෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 16 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 599 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site