නොබෙල් සාම ත්‍යාගයේ ජයග්‍රාහකයා අද (9) පෙරවරුවේ දැනුම් දීමට නියමිත බව නොබෙල් කමිටුව නිවේදනය කරයි.
සාහිත්‍යය වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය මෙවර බෙලරූස් රාජ්‍යයේ ස්වට්ලානා ඇලෙක්සිවිච් ලේඛිකාව දිනා ගත්තාය. වාර්තාමය නවකතා රචනා කරන්නියක ලෙස ස්වෙට්ලානා ඇගයීමට ලක් කරමින් ඇයට එම ත්‍යාගය පිරිනමන බව නොබෙල් කමිටුව පවසයි.
2015 වසර සඳහා නොබෙල් සාම ත්‍යාගය වෙනුවෙන් 273 දෙනකු අයදුම්කර තිබූ අතර එයින් 68 ක් සංවිධාන වේ. 205 දෙනකු පුද්ගලයින් වශයෙන් අයදුම්කර තිබේ.
ඇමෙරිකාව හා කියුබාව අතර තිබූ විරසකය නිමා කිරීමට කටයුතු කළ පාප් වහන්සේ මෙවර නොබෙල් සාම ත්‍යාගයට සුදුසුකම් ලබා ඇති පුද්ගලයින් අතර ඉහළින්ම සිටින බව විදෙස් පුවත් සේවා සඳහන් කරයි.
එයට අමතරව ඇමරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරීගේ නමද කියවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ සුමනදාස ඉල්ලුම් කරලා නැද්ද? (නි)
මහින්ද මහත්තයට දෙන්න. (ර)
ඕක දේන්න ඕන විජේදාස රාජපක්ෂට මොකද සිංහල කියල රටක් ජාතියක් නැහැ කිව්වානේ. අනේ වාසනාවන්! (බ)