IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


නේපාලයේ දේශපාලනය අර්බුද මැද

මහත් විනාශකාරී දීර්ඝ කාලීන සන්නද්ධ ගැටුමකින් පසුව නේපාල ජනතාව 2008දී තෝරා පත්කර ගන්නා ලද ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය වසර හතරකට පසුව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්නේ නොමැතිව පසුගිය 27 වැනිදා විසුරුවා හැරියා. සන්නද්ධ ගැටුම අවසන් කරමින් එක්සත් ජාතීන්ගේ සහාය ඇතිව මාවෝවාදී කොමියුනිස්ට් පක්ෂය හා ප‍්‍රධාන දේශපාලන පක්ෂ අතර ඇතිකර ගත් එකඟතාව අනුව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය තේරී පත්ව වසර දෙකක් ඇතුළත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කොට සම්මත කර ගැනීමෙන් පසුව එම ව්‍යවස්ථාව යටතේ නව පාර්ලිමේන්තුවක් සඳහා  ඡුන්ද විමසීමක් පැවැත්විය යුතුය. සන්නද්ධ අරගලය අතහැර ප‍්‍රධාන ප‍්‍රවාහයේ දේශපාලනයට එක් වීමෙන් පසු මාවෝවාදී කොමියුනිස්ට් පක්ෂය හා සෙසු දේශපාලන පක්ෂ අතර සහයෝගිතාවක් ප‍්‍රදර්ශනය වූ නිසා රාජාණ්ඩුක‍්‍රමය ඉවත දමා රටේ විවිධ ජන කොටස්වල දේශපාලන, ආර්ථික හා සමාජයීය අවශ්‍යතාව පිළිබිඹු වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමේ හැකියාව ගැන බොහෝ දෙනා බලාපොරොත්තු රැඳවූහ. එහෙත් ඒ කිසිත් ඉටු වූයේ නැත. සන්නද්ධ ගැටුම උත්සන්න වී නේපාලයේ රජාණ්ඩුව බිඳ වැටීමට ආසන්න වූ විට ඉන්දියාවේ කි‍්‍රයාත්මක සහයෝගය හා එක්සත් ජාතීන්ගේ මැදිහත් වීමෙන් ඇති කරගත් සම්මුතිය අනුව පැවැත්වූ මහා මැතිවරණයෙන් මාවෝවාදී කොමියුනිස්ට් පක්ෂයට අනපේක්ෂිත ආකාරයෙන් ජයග‍්‍රහණයක් අත්කර ගැනීමට හැකි වුවද ඔවුන්ට ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ නිශ්චිත බහුතරයක් හිමි වූයේ නැත. නේපාලයේ සම්ප‍්‍රදායික දේශපාලන පක්ෂ නේපාල කොංග‍්‍රසයට හා එක්සත් මාක්ස් ලෙනින්වාදී කොමියුනිස්ට් පක්ෂයට හිමි වූයේ දෙවැනි හා තෙවැනි ස්ථානයි. ඊට අමතරව තෙරායි ප‍්‍රදේශයේ ප‍්‍රධාන ජන කොටසක් වූ මදේසි ජනතාවටද පළමු වරට ව්‍යවස්ථාදායකයේ නියෝජනයක් ලැබුණ නිසා 2008 මැතිවරණයෙන් තේරී පත්වූ ව්‍යවස්ථාදායක මණ්ඩලය බොහෝ දුරට සියලූ ජනවර්ග නියෝජනය කරන්නක් විය. මේ තත්ත්වය ජාතික එකමුතුවක් තුළින් සැබෑවටම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතාවාදී ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගැනීමේ කදිම අවස්ථාවක් විය හැකිව තිබුණද දේශපාලන පක්ෂ අතර තිබූ කුළල් කා ගැනීම් හා බලලෝභී අපේක්ෂාවන් නිසා එය එසේ සිදුවූයේ නැත. ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය තේරී පත් වීමෙන් පසුව ගතවූ වසර හතර තුළ අගමැතිවරුන් හතර දෙනකුගේ නායකත්වයෙන් ආණ්ඩු හතරක් පිහිටුවීම මීට කදිම නිදසුනකි. වැඩිම ආසන සංඛ්‍යාවක් දිනා ගැනීම නිසා මාවෝවාදී කොමියුනිස්ට් පක්ෂයට රජයක් පිහිටුවීමේ හැකියාව තිබුණද ඔවුන්ට ස්ථාවර වීමට නම් අනෙකුත් පක්ෂවල සහයෝගය ලබා ගැනීමට සිදුවිය. එහෙත් නේපාල කොංග‍්‍රසය හා එක්සත් මාක්ස් ලෙනින්වාදී කොමියුනිස්ට් පක්ෂය, මාවෝවාදීන් ස්ථාවර වීමට එරෙහිව කටයුතු කළ අතර මාවෝ වාදීන්ටද මදේසි ජන කොටස් නියෝජනය කළ දේශපාලන පක්ෂ හා අනෙකුත් කණ්ඩායම් දිනා ගැනීමට සුදුසු දේශපාලන කි‍්‍රයාමාර්ගයක් තිබුණේද නැත. ඉන් සිදුවූ බරපතළ හානිය වූයේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට අවශ්‍ය වූ ජාතික එකඟත්වය පවත්වා ගැනීමට නොහැකි වීමය. ගතවූ වසර හතර ඇතුළත කිසිම දේශපාලන පක්ෂයකට ස්ථාවර රජයක් පිහිටුවා ගැනීමට නොහැකි වූ අතර වරක් අගමැතිවරයකු පත් කර ගැනීම සඳහා ව්‍යවස්ථාදායක සභාවේ තුනෙන් දෙකක බහුතරයක් ලබාගත නොහැකි වීමෙන් මාස හතරකට ආසන්න කාලයක් රජය කි‍්‍රයාත්මක වූයේ අගමැතිවරයෙකු නොමැතිවය. අවසානයේදී අගමැතිවරයකු පත්කර ගැනීමට හැකි වුවද ඔහුට ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ කි‍්‍රයාත්මක බහුතරයක් හිමි වූයේ නැත. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් නියමිත කාල සීමාව ඇතුළත නව ව්‍යවස්ථාව සම්මත කරගැනීමට නොහැකි වීමෙන් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ නිල කාලය අවස්ථා හතරකදී දීර්ඝ කිරීමට සිදුවිය. ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ නිල කාලය දීර්ඝ කිරීමට සීමාවක් පැන වූයේ එරට ශ්‍රේෂ්ඨාධිකරණයෙනි. ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ පෙත්සමක් සලකා බැලීමෙන් පසුව මැයි 27 වැනිදාට පසුව නැවත වරක් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ නිල කාලය දීර්ඝ නොකළ යුතු බවට හා ඒ වන විට නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගැනීමට නොහැකි නම් එය විසිරුවා හැර අලූතින්  ඡුන්දයක් පැවැත්විය යුතු බවට නියෝග කෙරිණි.  ඒ අනුව මැයි 27 වැනිදා වන විට  නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කළ නොහැකි වූ හෙයින් අගමැති බබුරාම් නාට්ටාරායි ව්‍යවස්ථාදායක සභාව විසුරුවා හැර නොවැම්බර් 22 වැනිදා ඡන්ද වීමසීමක් පවත්වන ලෙස ජනාධිපති රුම් බනේ යාදේව්ට උපදෙස් දුන්නේය. පසුගිය 27 වැනිදා ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය විසුරුවා හැරීම සිදුවූයේ ඒ අනුවය. ඇත්තෙන්ම පැවැති ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය තවදුරටත් කි‍්‍රයාත්මක වීමෙන් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට පක්ෂ අතර එකඟතාවක් ලබා ගැනීමට හැකියාවක් තිබුණේ නැත. අනෙක් අතට තවත් මාස හයකට පසුව මහා මැතිවරණයක් පැවැත්වීමෙන් හෝ නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට තුනෙන් දෙකේ බහුතරයක් දිනා ගැනීමට කිසිම දේශපාලන පක්ෂයකට හෝ කණ්ඩායමකට අවස්ථාවක් ලැබෙන්නේ යැයි කිව නොහැක. වඩාත් වැදගත්ව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේදී අත්‍යවශ්‍ය මූලික කොන්දේසිය වන ජාතික එකඟතාව ලබා ගැනීමට හැකියාවක් ඇත්ද යන්නත් සැක සහිතය. අගමැති ආට්ටාරුයි පවසන ආකාරයට නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට ගත් අවසන උත්සාහය ව්‍යාර්ථ වූයේ නව රජයේ ව්‍යූහය හා ප‍්‍රාන්ත රාජ්‍යය සංඛ්‍යාව පිළිබඳ එකඟතාවක් ලබාගත නොහැකි වීම නිසාය. මාවෝවාදී කොමියුනිස්ට් පක්ෂය හා එක්සත් මදේසි පෙරමුණ ජනවර්ග හෝ භාෂාව පදනම් කරන ෆෙඩරල් රජයක් පිහිටුවිය යුතු යැයි යෝජනා කළ අතර නේපාල කොංග‍්‍රසය හා එක්සත් මාක්ස් ලෙනින්වාදී කොමියුනිස්ට් පක්ෂය ඊට විරුද්ධ වූහ. ඊට අමතරව ප‍්‍රාන්ත රාජ්‍ය 14 ක් විය යුතුයැයි මාවෝවාදී කොමියුනිස්ට් පක්ෂය හා මදේසි පෙරමුණ යෝජනා කළ අතර නේපාල කොංග‍්‍රසය හා එක්සත් මාක්ස් ලෙනින්වාදී කොමියුනිස්ට් පක්ෂය යෝජනා කෙළේ ප‍්‍රාන්ත රාජ්‍ය සංඛ්‍යාව 10ක් විය යුතුය යනුවෙනි. මැයි 27ට පෙර මෙම කරුණු දෙක පිළිබඳව එකඟතාවක් ලබාගත නොහැකි නිසා නේපාල කොංග‍්‍රසයේ හා එක්සත් මාක්ස් ලෙනින්වාදී පක්ෂයේ යෝජනාව වූයේ මෙම කරුණු ගැන පසුව තීරණයක් ගැනීමට හැකි වන සේ එකඟවූ කරුණු ඇතුළත් ව්‍යවස්ථාවක් සම්පාදනය කොට මහා මැතිවරණයක් පැවැත්විය යුතුය යන්නයි. එහෙත් මාවෝවාදී කොමියුනිස්ට් පක්ෂය ඊට එකඟ වූයේ නැත. පවතින මැතිවරණ ක‍්‍රමය යටතේ මදේසි හා අනෙකුත් සුළුතර කණ්ඩායම් වලට සාධාරණයක් ඉටු නොවන නිසා එක්සත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී මදේසි පෙරමුණද ඊට විරුද්ධ විය. දැන් නේපාලයේ දේශපාලන පක්ෂ අතර පවතින අර්බුදය වන්නේ භාරකාර රජය අගමැති භට්ටාරායි යටතේ පැවැතිය යුතුද යන්න ගැනය. නේපාල කොංග‍්‍රස ඇතුළු දේශපාලන පක්ෂ 16 ක් භට්ටාරායි අගමැති තනතුරෙන් ඉවත්ව ජාතික එකමුතු භාරකාර රජයක් යටතේ මහා මැතිවරණය පැවැත්විය යුතු යැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිති. එසේ නොවන්නේ නම් තමන් ඉදිරියේ පැවැත්වෙන මහා මැතිවරණයට ඉදිරිපත් නොවන බවටද තර්ජනයක් කර ඇත. පවතින තත්ත්වය යටතේ ඉතාමත් සුදුසු කි‍්‍රයාමාර්ගය ගෙන ඇතැයි පවසන අගමැති භට්ටාරායි නාමමාත‍්‍ර විධායකයෙකු වන ජනාධිපතිවරයාට භාරකාර රජයක් පත්කිරීමට බලයක් නැති බවද පෙන්වා දේ. සමහර විට මේ පිළිබඳවද ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පැතීමට රට දේශපාලන පක්ෂ ඉදිරිපත් වනු ඇත. කෙසේ වුවත් ප‍්‍රධාන දේශපාලන පක්ෂ සහභාගි නොවන ඡුන්ද විමසීමකින් පසුව තේරී පත්වන ව්‍යවස්ථාදායකයට නිසි සුජාත භාවයක් නොලැබෙන අතර එම නිසාම ඔවුන් සම්මත කරන ව්‍යවස්ථාවකටද සියලූ ජන කොටස්වල සහයෝගය හා පක්ෂපාතිත්වය ලබා ගැනීම පහසු කාර්යයක් විය නොහැක. දේශපාලන පක්ෂ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජන සමාජයක අත්‍යවශ්‍ය හා අනුල්ලංඝණීය සාධකයක් වුවද නේපාලයේ දේශපාලන පක්ෂ හා කණ්ඩායම් කි‍්‍රයාත්මක වන්නේ ශක්තිමත් ජනමතයක් ගොඩ නැගීමට වඩා භේද භින්න වීමේ සාධකයක් ලෙසිනි. නමසිය අනූ ගණන්වල සිට කි‍්‍රයාත්මක වූ දේශපාලන පක්ෂ ජාතික අවශ්‍යතාවක් මත එකඟතාවක් ඇතිකර ගත්තේ 2006දී පමණි. මූලික කරුණු 22ක් පිළිබඳව මාවෝවාදීන් ඇතුළු ප‍්‍රධාන දේශපාලන පක්ෂ අතර එකඟතාවක් ඇතිකර ගැනීම නිසා සන්නද්ධ ගැටුම් නතර කොට රටේ සාමකාමී තත්ත්වයක් උදාවිය. එය නව දේශපාලන යුගයක උදාවක් විය හැකිව තිබුණද එම එකඟතාව පැවතුනේ ඉතා කෙටි කාලයකට පමණී. 2008දී පැවැති ඡුන්ද විමසීමෙන් පසුව නැවතත් කුළල් කා ගැනීම් ඉස්මතු විය. එම නිසා කුමන ආකාරයේ හෝ භාරකාර රජයක් යටතේ මහා මැතිවරණයක් පැවැත්වුවද ඉන් නේපාලය මුහුණ දී සිටින දේශපාලන අර්බුදයට විසඳුමක් ලබාගතහැකි වන්නේ යැයි කිව නොහැකිය. ඉන් නැවත වරක් නේපාලයේ දේශපාලනයට බාහිර රටවලට මැදිහත් වීමටත් සමහර ප‍්‍රතිපත්ති තීරණ ගැනීමටත් අවස්ථාවක් ලැබෙන බව පැහැදිලිය.

සටහන - මහින්ද හත්තක
ව්‍යවස්ථාවේ වෙනසක් ඉල්ලන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් නේපාලයේ අගමැතිට විරුද්ධව උද්ඝෝෂණ අගමැතිගේ රුව රැගත් පඹයකු පුළුස්සමින් පොලිසිය සීරුවෙන් නේපාල අගමැති බාබුරාමි භට්ටාරි



අදහස් (0)

නේපාලයේ දේශපාලනය අර්බුද මැද

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

නෙදන්යාහු අවසන් වරට බයිඩන් හමුවෙයි
2024 ජුලි මස 26 106 0

වොෂින්ටන් අගනුවරට පැමිණ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අතරේ හමුවක්, ධවල මන්දිරයේ දී පැවැත්විණි.


කමලා හැරිස්ගෙන් නෙදන්යාහුට තර්ජනයක්
2024 ජුලි මස 26 229 0

ඇමෙරිකා උප ජනාධිපතිනි කමලා හැරිස් සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අතරේ හමුවක් පැවැත්වුණු අතර, එහිදී ඇමෙරිකන් උප ජනාධිපතිනිය, ඊශ්‍රායල


ට්‍රම්ප් කමලාට වඩා ඉදිරියෙන්
2024 ජුලි මස 26 170 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙන අතර ප්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂයෙන් ඊට ඉදිරිපත් වන හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ වත්මන් උ


යතුරු පැදිකරුවෙක් මේරි කුමරිය හප්පලා
2024 ජුලි මස 26 3270 0

රාජකීය නිල සංචාරයක් සඳහා ග්‍රීන්ලන්තයට ගිය ඩෙන්මාර්කයේ මේරි කුමරිය විදුලි යතුරු පැදියක හැපීමෙන් අකරතැබ්බකට මුහුණ දුන්නාය. යතුරු පැදියේ හැපුණු 52 හැව


ඉන්දියාවත් ලිබියාවත් අතර සබඳතා ඇරැඹේ
2024 ජුලි මස 25 87 0

වසර පහක විරාමයකින් පසු ඉන්දියාවත් ලිපියාවත් අතර යලිත් වරක් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ වී තිබේ. රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ වූයේ ඉන්දියාව, යළිත්


අනවසර සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් පෙරැළෙයි
2024 ජුලි මස 25 92 0

බටහිර අප්‍රිකාවේ වෙරළේ මොරිෂානියාවට ඔබ්බෙන් මුහුදේ දී අනවසර සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් අනතුරට පත් විය. එයින් 15 දෙනෙකු මියගිය බවත්, 150 කට වැඩි පිරිස


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 167 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1154 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site