නේපාලයේ හදිසි ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් 30 දෙනකු මියගොස් 18 දෙනකු අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.
සිදුවූ අනතුරු හේතුවෙන් තුවාල ලැබූ 12දෙනකු රෝහල් ගතකළ බව බලධාරීහු පවසති.
කාලගුණ අංශ වාර්තා කර ඇත්තේ පසුගිය දිනවල ආරම්භ වූ මෝසම් වැසි හේතුවෙන් මෙම තත්ත්වය උදාවූ බවයි.
නේපාලය හා ඉන්දියාව හරහා ගමන් කරන කොසි ගංගාව පිටාර මට්ටමට පැමිණ ඇති බවත් එහි හරස් අමුණු වල පිටාර දොරටු 56ක් විවෘත කර ඇති බවත් සඳහන් වේ.
ගංගාවේ ආසන්න පහත්බිම්වල බොහෝ දෙනාට ඉවත් වීමට දැනුම්දී ඇති අතර එම ප්‍රදේශ වලට මුදවාගැනීමේ කණ්ඩායම් පිටත්කර යවා ඇතැයි බලධාරීහු පවසති.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 දෙසැම්බර් මස 16
59
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
854
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
612
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
නේපාලයේ ජල ගැලීම් - නායයෑම්වලින් 30 ක් මරුට