ටාරා ගුවන් සමාගමට අයත් ට්වින් ඔටර් ගුවන් යානයක් බටහිර නේපාලයේ කඳුකර ප්‍රදේශයකදී මගීන් 21 දෙනෙකු සමග අතුරුදන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ගුවන් ගත කිරීමත් සමගම පාලන මැදිරිය හා සම්බන්ධතාවය ගිළිහි ඇති අතර ඉන් පසු ගුවන් යානය ගිය දිසාවක් පිළිබද නිශ්චිත අදහසක් නැති බවත් සදහන්.
යානය සෙවීමට හෙලිකොප්ටර යානයක් යැවුවද අයහපත් කාලගුණය නිසා එම මෙහෙයුමත් නතර වී තිබේ.
පොකාරා සිට ජෝම්සම් බලා ගමන්ගත් ගුවන් යානයක් මෙලෙස අතුරුදන් වී තිබේ. නේපාල ගුවන් සේවයේ 1949 සිට මේ දක්වා ගුවන් අනතුරු 70ක් පමණ වාර්තා වී ඇති අතර මගීන් 700ක් පමණ ජිවිතක්ෂයට පත්ව ඇති බව කියති.
ලොව අනතුරුදායකම ගුවන් තොට නේපාලයේ කත්මණ්ඩු ගුවන්තොට බව ගුවන් නියමුවන්ගේ මතයයි.

COMMENTS
කත්මන්ඩු ගුවන් තොට හරියට පිටකොටුවෙ බස් නැවතුම් පල වගේ (ම)