IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


නැගෙනහිර නයිජීරියාවේ ප්‍රහාරයකින් 50 ක් මරුට


 
 
අබූජාහිදීය (රොයිටර්)
 
නැගෙනහිර නයිජීරියාවේ ගම්මානයකට එල්ල වූ ප්‍රහාරයකින් 50කට ආසන්න පිරිසක් මියගොස් ඇතැයි එරට පොලිසිය සඳහන් කරයි.
 
සෙනසුරාදා සහ ඉරිදා දිනවලදී මෙම ප්‍රහාර එල්ල වී තිබේ. බොහෝමයක් ප්‍රහාර එල්ල කරන්නේ බොකෝ හරාම් සංවිධානයයි. ඊට අමතරව ඉස්ලාමික් ස්ටේට් සංවිධානය ද ගම්මානවලට ප්‍රහාර එල්ල කරන අතර නයිජීරියාව තුළ අයි.එස් සංවිධානයේ ක්‍රියාකාරකම් උත්සන්න වී තිබේ.
 
“සෙනසුරාදා අපට මළසිරුරු 12ක් හමුවුණා. ඉරිදා අපට තවත් 33ක් හමුවුණා” යැයි නැගෙනහිර නයිජීරියාවේ කඩුනා ප්‍රාන්තයේ පොලිස් කොමසාරිස් ඔස්ටින් ඉවාර් පැවැසීය.
 
ප්‍රහාරය එල්ල වී ඇත්තේ කඩුනා ප්‍රාන්තයේ ග්වස්කා ගම්මානයටය. මෙම ගම්මානයට ප්‍රහාරයක් එල්ල වූයේ ඇයි ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැත. 
 
නයිජීරියාවේ ආරක්ෂාව අඩු ප්‍රදේශවල ප්‍රචණ්ඩ ක්‍රියා උත්සන්න වී තිබෙන අතර පසුගිය කාලය මුළුල්ලේ එවැනි ප්‍රදේශ හා ගම්මාන ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල විය. මෙය එම ප්‍රහාර මාලාවේ එක් ප්‍රහාරයක් යැයි පැවසේ.
 
වත්මන් ජනාධිපති මුහම්මදු බුහාරි 2015 වසරේදී බලයට පත්වූයේ අප්‍රිකාවේ විශාලතම ආර්ථිකය සහ ජනගහනයෙන් වැඩිම රට වන නයිජීරියාවට ආරක්ෂාව ගෙන එන බවට පොරොන්දු වෙමිනි. 
 
කෙසේ නමුත් එම පොරොන්දු ඉටු කිරීමේදී ජනාධිපතිවරයා දුෂ්කර අභියෝගයකට මුහුණ දී සිටී. 
 
එසේ වුවත් ලබන වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ද ඔහු විසින් ප්‍රකාශ කරනු ලැබ තිබේ. 



අදහස් (0)

නැගෙනහිර නයිජීරියාවේ ප්‍රහාරයකින් 50 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 34 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site