ඇමෙරිකාවේ පෙව් සමීක්ෂණ ආයතනය විසින් සිදුකරනු ලැබූ නවතම සමීක්ෂණය අනුව සමාජ ජාලා වෙබ් අඩවි මගින් සිදුකරන දේශපාලන ප්‍රචාරක කටයුතු මගින් සෑම පුද්ගලයින් පස්දෙනෙකුගෙන් එක් අයෙකු තම ඡන්දය කාහට දියයුතුද යන්න තීරණය කරන බව සොයාගෙන ඇත.
මෙවරද ඇමෙරිකා ජනපති සටනේ අපේක්ෂකයින් දෙදෙනාම සමාජ ජාලා වෙබ් අඩවි තම ඡන්ද සටනට බොහෝ සෙයින් උපයෝගී කරගන්නා ලදි. ඒ අතරින් ෆේස්බුක්,ට්විටර් සදහා විශේෂ ස්ථානයක් හිමිවී තිබිණි.
පෙව් ආයතනය පවසන පරිදි මෙවර සමාජ ජාලා වෙබ් අඩවි භාවිතා කරන පිරිසගෙන් 20% දෙනා තමගේ දේශපාලන දැක්ම පිළිබඳ සමාජ ජාලා වෙබ් අඩවිවල පළකර ඇත. 2012 වර්ෂයේදී එම අගය 6% ක්ව පැවතිණි.
සමාජ ජාලා වෙබ් අඩවි මගින් පවත්වන ලද සමීක්ෂණ අනුව හිලරි ක්ලින්ටන් ජයග්‍රහණය කරන බව ප්‍රකාශ වී තිබුනත් එම සියල්ලක්ම උඩුයටිකුරු කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කළේ මෙවැනි සමීක්ෂණ පිළිබද නැවත වරක් සිතිය යුතු බව පසක්කරවමිනි.
කෙසේ වෙතත් අවසානයේදී 40% දෙනෙකු දේශපාලන හේතුමත තම යහලුවන් සමග අමනාපවී ඇතිබව වාර්තාවේ.
COMMENTS
අනේ ඇත්තද (හේ)
මිසරයේ මුබාරක් එළවලා අන්තවාදීන් බලයට ගෙෙනන්න සමාජ වෙබ් අඩවි මෝඩ විදිහට පාවිච්චි කළාට අැමෙරිකාවේ මිනිස්සු මෝඩ වෙලා වැඩ කරලා නැහැ. බුද්ධිමත්ව ඡන්දෙ දීලා තියෙනවා (නි)
සමහරු නම් යාළුකම් දන්නෙත් නැහැ, දේශපාලනය දන්නෙත් නැහැ. (නි)