IMG-LOGO

2024 ජුලි මස 13 වන සෙනසුරාදා


දුම්වැටිය මිනිමරයි

ප්‍රතිකාර සඳහා ඔක්සිජන් වායුවෙන් පිරි අධි පීඩන කුටීරයකට බහා සිටි රෝගියෙකු එහි සිට දුම් පානය කිරීම නිසා කුටීරයත් සමග පුපුරා ගොස් මරුමුවට පත්ව ඇති පුවතක් චීනයේ නැක්සිගොන්ග් ප්‍රදේශයෙන් වාර්තා වේ.

කුටීරයෙන් පිටත සිටි අය පවසන්නේ එක්වරම බෝම්බයක් පුපුරන්නාක් වැනි ශබ්දයක් ඇසුණු බවයි.බැලු කල්හි කුටීරයේ දොර විවර වී තිඛෙනුද හාත්පස ගිනි ජාලාවකින් වැසී තිඛෙනුද දැකගත හැකිවූ  බව ඔවුහු පවසති.

වහ වගා ගින්න නිවා දැමුවත් රෝගියාගේ දිවි ගලවා ගැනීමට නොහැකිවූ බව ඔවුහු කියති.

උණුවී ගිය දුම්වැටි දල්වනයක්  කුටීරයේ තිබී හමුවීමෙන් ගින්නට හේතුවද නොරහසකි.

වෛද්‍යවරු පවසන්නේ  ගිනි පුපුරු වැටී කුටීරයේ තිබුණු ඇද ගිණිගෙන ඇතැයි පෙනෙන්නට තිඛෙන බවයි.

කුටීරයේ පිරී තිබුණු ඔක්සිජන් නිසා ගින්න දහස් ගුණයකින් වර්ධනයවී ඇවිලෙන්නට ඇතැයි ඔවුහු කියති.

මෙසේ අධි පීඩන ඔක්සිජන් පිරි කුටීරයන්ට රෝගීන් බහා තබන්නේ තුවාළ සුවවීම වේගවත් කිරීම සදහාය.කුටීරයේ ඇති ඔක්සිජන් රුධිරය සමග මුුසුවීම නිසා රුධිරයේ ඔක්සිජන් ප්‍රතිශතය වැඩිවී එහි ප්‍රතිඵලයක් ලෙස  ෙසෙලයන්ගේ කි්‍රයාකාරීත්වයද වැඩිවී කටයුතු ඉක්මන් වන බව සොයාගෙන ඇත.

රෝගියාගේ ඥාතීන් පවසන්නේ රෝහල් කාර්යමණ්ඩලය මිීට වඩා සැළැකිලිමත්ව විය යුතුව තිබුණු බවයි.

රෝගියා පළමුවර කුටීර ප්‍රතිකාරයට යොමු කළ විට හොදින් පරීක්ෂා කර යැවූ බවත් දෙවන වර යොමු කිරීමේදී එසේ පරීක්ෂා කිරීමක් සිදුනොකළ බවත් වෛද්‍යවරු කියති.

දෙවන වර යෑමේදී සියලූදෙනාගේ ඇස් වසා දුම්වැටියක් කුටීරයට ගෙන ගොස් තිඛෙන බවක් පෙනෙන්නට ඇතැයි ඔවුහු පවසති.



අදහස් (0)

දුම්වැටිය මිනිමරයි

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

නයිජීරියාවේ පාසල් ගොඩනැගිල්ලක් කඩා වැටේ
2024 ජුලි මස 13 8 0

නයිජීරියාවේ පාසල් ගොඩනැගිල්ලක් කඩා වැටී අනතුරක් සිදුවිය. එයින් දරුවන් විසි දෙදෙනක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 130 කට වැඩිය.


ටෙනිස් තරඟය නරඹන්න කේට් එනවා
2024 ජුලි මස 13 7 0

විම්බල්ඩන් ටෙනිස් අවසන් තරඟය ලන්ඩන් නුවරදි පැවැත්වෙන අතර, එය නැරැඹීමට වේල්සයේ කුමරිය හෙවත් කේට් මිඩ්ල්ටන් කුමරිය පැමිණෙනු ඇති බව කෙන්සිංටන් මාලිගය න


චාල්ස් රජු ඇමෙරිකාවෙන් නිවසක් අරන්
2024 ජුලි මස 13 11 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු ඇමෙරිකාවේ මැන්හැටන් ප්‍රදේශයෙන් සුඛෝපබෝගී නිවසක් මිලදී ගෙන ඇති බව පැවැසෙයි. මෙම නිවස චාල්ස් රජු මිලදී ගෙන ඇත්තේ ඇමෙර


ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයෙන් 71 ක් මරුට
2024 ජුලි මස 13 290 0

ගාසා තිරයේ, ඛාන් යූනිස් නගරය අසල අල් මවාසී සරණාගත කඳවුර ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල ගුවන් හමුදාව පහර දුන්නේය. එම ප්‍රහාරයෙන්, 71 දෙනකු මියගිය බවත්, 289 දෙනකු


නේපාල බස් රථ දෙකක් ගගකට පෙරළෙයි
2024 ජුලි මස 12 1723 0

නේපාලයේ මගී බස් රථ දෙකක් ත්‍රිශූලි නමැති ගංගාවට පෙරැළී සිදුවුණු අනතුරකින් ඒවායේ සිටි මගීන් 65 ක් ජිවිතක්ෂයට පත්වූහ. මියගිය මගීන් අතර ඉන්දියානුවන් කීප


බයිඩන් සෙලෙන්ස්කීට පුටින් කියයි
2024 ජුලි මස 12 1960 2

නිතර නිතර දිව පටලවා ගන්නා ඇමෙරිකානු ජනාධිපති බයිඩන් පසුගියදා නේටෝ සමුළුව අවසානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඇමෙරිකානු උප ජනාධිපති කමලා හැරිස්ට උප ජනාධිප


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 902 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1784 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3743 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site