දිල්ලි සිට වාරණාසිය දක්වා ගමන් ගන්නා දුම්රිය මගීන්ට උසස් ප්‍රමිතියෙන් යුතු රසවත් ආහාර පිළිගැන්වීමට සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙහිදී උදෑසන ආහාරය සඳහා මුෆින් සහ ඩෝනට්ස්ද, අල්හබාඩ්හි පිහිටි ඉහළ පෙළේ අවන්හලකින් උණුසුම් දිවා ආහාරයක් සහ කාන්පූර්හි තරු පහේ අවන්හලකින් රාත්‍රී ආහාරයක් ලබාගැනීමට දුම්රිය මගීන්ට හැකිවනු ඇත.
ඉන්දීය දුම්රිය සේවයේ ආහාර සැපයීම් අංශය සහ සංචාරක සංස්ථාව එක්ම මෙම තීරණය ගෙන ඇති අතර දිල්ලි සිට වරණාසි බලා ගමන් ගන්නා දුම්රිය 18ක ගමන් ගන්නා මඟින්ට මෙම පහසුකම සපයා ඇත.
මෙහි පළමු අවස්ථාව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතින් 15 වැනිදා සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.
මෙම සැලැස්ම දුම්රිය 18කට අත්හදා බැලීමෙන් පසු මෙවැනි දුම්රිය කිහිපයක් හඳුන්වා දීමට සැලසුම් කර ඇත.
ඒ අනුව බෙංගාලිය - හයිද්‍රබාද්, මුම්බායි - අහමද්බාද් සහ කොල්කටා - පට්නා මාර්ග ඔස්සේ ධාවනය වන දුම්රිය සඳහා ද මෙම සැලසුම ඇතුළත් කිරීමට ඔවුහු අපේක්ෂා කරති.
(63226)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd