තවත් කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 20 ක් ලොව සෙසු රටවලට බෙදා දීමට ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් තීරණය කර ඇතැයි ධවල මන්දිරය ඊයේ (18) නිවේදනය කළේය.
ඇමෙරිකා ජනාධිපති බයිඩන් මීට පෙර එන්නත් මාත්‍රා මිලියන 60 ක් සෙසු රටවලට බෙදා හැරීමට කටයුතු කළේය. ඒ අනුව ඇමෙරිකාව සෙසු රටවලට ලබා දෙන එන්නත් මාත්‍රා ප්‍රමාණය මිලියන 80ක් යැයි විදෙස් පුවත් සේවා පවසයි.
අලුතින් බෙදා හැරීමට තීරණය කළ මිලියන 20 ඉදිරි සති 4 හෝ 6 ඇතුළත දී ඒවා අවශ්‍ය රටවලට ලැබෙනු ඇතැයි ද ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ඇමෙරිකාව මෙසේ බෙදා දීම සිදු කරන්නේ එරටදී නිෂ්පාදනය කරන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා එන්නත්ය. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා එන්නතට ඇමෙරිකන් ඖෂධ පාලන අධිකාරියේ අනුමැතිය හිමි වී නැත. ඒ, රුධිර කැටි ගැසීම් ඇති වන එන්නතක් වන බැවිනි. බයිඩන් පරිපාලනය සෙසු රටවලට බෙදා දෙන්නේ මෙම ඇස්ට්‍රසෙනකා එන්නතය.
වොෂින්ටනයේදීය (රොයිටර්)
2025 දෙසැම්බර් මස 18
147
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තවත් එන්නත් මිලියන 20 ක් ලොවට දෙනවා
Vithana Sunday, 23 May 2021 12:30 AM
ලංකාවේ පාලකයින්ට ඇයි බැරි ඇමරිකාවෙන් ඉල්ලීමක් කරලා මේ ඉහළ ප්‍රතිශක්තීකරණයක් පෙන්වන එන්නත ගෙන්වන්න බැරි? අඩු ගානේ පළමු මාත්‍රාව ලබාගත් අයගේ දෙවෙනි මාත්‍රාව විදියට දෙන්නවත්...