පාකිස්තානයේ කි‍්‍රයාත්මක තලේබාන් ත‍්‍රස්තවාදීන් පරාජය කළ හැක්කේ ඔවුන් සමඟ සාම සාකච්ඡුා පවත්වා පවතින අර්බුදයට දේශපාලනික විසඳුමක් සෙවීමෙන් පමණක් යැයි පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ් පවසා ඇත.

නවාස් ෂරීෆ්, තලේබාන් සංවිධානය සමඟ ලිහිල් ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන අයකු බවට ප‍්‍රකටය.

මීට මාස කිහිපයකට පෙර, අගමැති ධුරයට පත් වූ දා සිට ඔහු උත්සහ ගන්නේ වසර 12 ක් තිස්සේ තලේබාන් සටන්කාමීන් සහ රජය අතර පවතින අර්බුදය සාකච්ඡා මාර්ගයෙන් විසඳීමටය.

ෂරීෆ් සාම සාකච්ඡුාවලට කැපවන්නේ නම්, තමන් ඊට කැමැති බව තලේබාන් සංවිධානය ද පවසා ඇත. කෙසේ නමුත් සාම සාකච්ඡා ආරම්භ කරන දිනයක් මෙතෙක් ප‍්‍රකාශයට පත් කර නැත.

ඊට හේතුව වූයේ ඇමෙරිකා ඩ්‍රෝන යානා ප‍්‍රහාරයකින් තලේබාන් සංවිධානයේ නියෝජ්‍ය නායකයකු වන වලී යූර් රෙහ්මාන් මෙසූඞ් මීට සති කිහිපයකට පෙර ජීවිතක්ෂයට පත්වීමය.

ඇමෙරිකා හමුදාව, ඇෆ්ගනිස්තානයේ සිට පාකිස්තාන දේශසීමා උල්ලංගනය කරමින් එල්ල කරන එම ඩ්‍රෝන ප‍්‍රහාර අගමැති නවාස් ෂරීෆ්ගේ දැඩි විරෝධයට හේතුවක් වී ඇත.

ඒ, එම ප‍්‍රහාරවලින් පාකිස්තාන සිවිල් වැසියන් මිය යෑම නිසාය. ඒ ගැන ඇමෙරිකා රජයට තම විරෝධය පෑමට ද අගමැති ෂරීෆ් පියවර ගෙන ඇත. පාකිස්තාන රජය මුහුණ දී සිටින බරපතළ අභියෝගය වන්නේ ත‍්‍රස්තවාදය යැයි ද ෂරීෆ් මාධ්‍ය සාකච්ජාවකදී පැවසීය.