IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


තලේබාන්වරුන්ට එරෙහි විලාසිතා විරෝධයක්

බාලිකා අධ්‍යාපනයට අවසර දෙන නමුත්, ෂරියා නීතියට අනුව, බාලිකාවන් හිජාබයෙන් සැරසී අධ්‍යාපනය ලැබිය යුතු බවත්, ඇෆ්ගනිස්තානයේ කාන්තාවන් ද සැමවිටම හිජාබයෙන් සැරසී සිටිය යුතු බවත් තලේබාන්වරැන් නියෝග කර ඇත.

ඇෆ්ගනිස්තානයේ බලය තහවුරු කර ගනිමින් නව රජයක් පිහිටුවූ තලේබාන්වරුන් නිකුත් කළ මෙම නියෝගයට විරෝධය පළ කරමින්, ලොව පුරා වෙසෙන ඇෆ්ගන් කාන්තාවන් විවිධාකාරයේ වර්ණවත් සාම්ප්‍රදායික ඇඳුමින් සැරසී සමාජ සමාධය ඔස්සේ පෙනී සිටින බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

ඇෆ්ගන් කාන්තාවන් පවසන්නේ තම ඇඳුම් පැලඳුම් තීරණය කිරීමට තලේබාන්වරුන්ට කිසිදු අයිතියක් නොමැති බවය. විදේශවල ඇෆ්ගන් කාන්තාවන් මෙසේ විරෝධය පළ කළත්, ඇෆ්ගනිස්තානයේ කාන්තාවන්ට තලේබාන්වරුන්ගේ නියෝග පිළිපැඳීමට සිදුවී තිබේ.

විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලබන සිසුවියන් සිසුන්ගෙන් වෙන් කර තැබීමට ද තලේබාන් සංවිධානය උපදෙස් දී ඇත. සිසුන් සහ සිසුවියන් වෙන් කර ඇත්තේ පංති කාමරවල තිර රෙදිවලිනි.

දේශනශාලාවට පැමිණෙද්දී, හිජාබයෙන් සැරැසී මුළු සිරුරම ආවරණය කර ගැනීම පමණක් නොව, තලේබාන්වරුන්ගේ ධජ අතැතිව සිටීම ද අනිවාර්ණ කර තිබේ. රාජ්‍ය සේවිකාවන් ද හිජාබයෙන් සැරසී සේවයට වාර්තා කළ යුතු බව තලේබාන්වරුන් පවසා ඇත.

(රොයිටර්)



අදහස් (3)

තලේබාන්වරුන්ට එරෙහි විලාසිතා විරෝධයක්

කිරි පුතා Saturday, 18 September 2021 10:13 AM

ලෝකයම ඉදිරියට යනකොට මේ ⁣මිනිසුන් නැවත ගල් යුගය කරා යමින් සිටී. එවිට සිදුවන්නේ නොගැළපෙන දෙය ලොවෙන් ප්‍රතික්ෂේප වීමය. එම පලවිපාකයට ඔවුන්ට මුහුණ දීමට සිදුවනු ඇත.

:       3       25

ganegoda Saturday, 18 September 2021 02:17 PM

හුඟක් ලස්සන කාන්තාවන් ඇෆ්ගනිස්ථානයේ ඉන්නවා කියලා අපි අහලා තියෙනවා.

:       2       9

Lal Saturday, 18 September 2021 07:33 PM

මුස්ලිම් කාන්තාවන් ඉදිරියට පැමිණිය යුතුයි. නවීන ලෝකය සමග එකතුවෙන්න ඔබලා වෙනස් විය යුතුයි. අර්ථශූන්‍ය නූගත් යල් පැන ගිය ගෝත්‍රික අදහස් තරයේ ප්‍රතික්ෂේප කළ යුතුයි. මිලේච්ඡ තලේබාන් මිනීමරුවන්ගේ අදහස් වලට විරුද්ධව සටන් වැදිය යුතුයි.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 306 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 418 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 393 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site