ධාන්‍ය පිටි තලප වැනි ආකාරයට සාදා කෑඹට ගැනීමෙන් දියවැඩියාවෙන් වැලකි සිටිමට හැකි බව පරියේෂකයන් කියති. විද්‍යාඥයින් පර්යේෂණයක් මගින් සොයාගෙන ඇත්තේ ධාන්‍යවල ඇති කෙඳි හේතුවෙන් දෙවැනි ඝනයේ දියවැඩියාව ඉහළ යෑමේ අවදානම අඩුවන බව බවයි.
ඔවුන් පවසන්නේ දිනකට කෙඳි සහිත ධාන්‍ය ග්රූම් 26 ක් ආහාරයට එක්කර ගැනීමෙන් දියවැඩියා තත්වය සියයට 18 කින් පාලනය වන බවයි.
විද්වතුන් ගේ විශ්වාසය කෙඳි සහිත ආහාර මගින් ශරීරයේ බර ප්‍රශස්ත මට්ටමක තබාගැනීමට හැකියාව ලැබෙන බවයි. ඒ හේතුවෙන් දෙවැනි ඝනයේ දියවැඩියා තත්වය වර්ධනය විමේ හැකියාව අඩුවන බව ඔවුන් පවසයි.
නමුත් ආහාරයට ගන්නා ධාන්‍ය වල ඇති කෙඳිති මගින් ශරීරයට වඩාත් හොඳ ආරක්ෂාවක් ලැබෙන බව යුරෝපීය දියවැඩියා සම්මේලනය තම ප්‍රකාශනයක් මගින් පෙන්වාදෙයි.
නොර්වේජියානු විද්‍යා සහ තාක්ෂණික විශ්ව විද්‍යාලයේ සහ ලන්ඩන් ඉම්පිරියල් කොලෙජ් හි පර්යේෂකයන් පවසන්නේ පලතුරු වල ඇති කෙඳිති මගින් දියවැඩියා තත්වයට ආරක්ෂාවක් නොලැබෙන බවයි.
ඔවුන්ට අනුව කැකුළු හාල් ඇතුළු සියළුම ධාන්‍ය වර්ග කෙදිති වලින් පොහොසත්ය. කෙඳි සහිත ආහාර ගැනීමෙන් හෘද රෝග ඇතිවීම පාලනය වන බවද ඊට හේතුව රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම අඩුවීම බවද සොයාගෙන ඇත.
ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය මගින් කරණ ලද අධ්‍යනයකින් හෙලිවි ඇත්තේද ආහාරයේ කෙඳිති ප්‍රමාණය වැඩි කිරිම මගින් වසරකට එංගලන්තයේ අඩුබර දරු උපත් 4000 ප්‍රමාණයක් වලක්වා ගත හැකි බවයි.ක්‍රෙම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ වසංගත අධ්‍යනයේ මහාචාර්ය නික් වේහැම් පවසන්නේ මෙම අධ්‍යනය මගින් ආහාරයේ ඇති කෙඳි ප්‍රමාණය වැඩි විමෙන් සෞඛ්‍ය ප්‍රතිලාභයන් ඉහළ යැම පිලිබඳව ඉතාමත් වැදගත් සාක්ෂි ලැබි ඇති බවයි.
මේ අනුව මහජන සෞඛ්‍ය පිලිබඳ ලෝක දත්තයන් පෙන්නුම් කරන්නේ කෙඳිති සහිත ආහාර පරිභෝජනය වැඩි කිරිම මගින් අධික තරබාරුව සහ දියවැඩියා තත්වය පාලනයට මහඟු රුකුලක් ලැබෙන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙඳි ආහාර මොනවාද කියලා ආහාර ලැයිස්තුවක් දුන්නා නම් හුගක් හොඳයි. (නි)
අපේ ගෙවල් වල ඉස්සර නම් තලප තමා උදේ ආහාරය (70 - 90). අපේ මුතුන්මිත්තෝ පර්යේෂණ නොකළත් මේවා දැනගෙන හිටියා. (නි)
කෑමබීම පටන් මළපහ කිරීම දක්වා දේශීය වශයෙන් පැවති ක්‍රම පිළිබඳ දැනීම දැනුයි බටහිර ජාතීන්ට හොඳ බව තේරිලා තියෙන්නේ.හැබැයි අපි විදේශිකයන්ගේ විද්‍යාත්මක නොවූ ආහාර රටාවලට පුරුදුවෙලා. (නි)
ඔය අලුතෙන් පරීක්ෂණ කළා කියන ආහාර අපේ අය කෑවේ අවුරුදු සිය ගානකට කලින් (බ)
අපේ කට්ටිය කන තලප වල තියෙන ඒ කියන කෙඳි වලට අමතරව ඉසකෙය කෙන්දිත් තියෙනවා. ඒ මදිවට කටේ ඇලෙන ගානට සිනිත් දානවා. පස්සේ කියනවා, කෝ අර කිව්වට කිසි ගුණයක් නැහැනේ කියල.(බ)
කුරක්කන් තලප එක්ක ඌරු කරුක්කල් හොද්දක් නැත්නම් මුං ඇට හොද්දක් කාපු අපේ මුතුන් මිත්තෝ රතු හාලේ බත් එක්ක පරිසරයේ තිබු දේවල් කෑමට ගත්තා. අපේ ජාතික අාහාර රටාව විනාස කරගත් එකෙන් තමයි අපි විනාස උනේ. (ස)
අනිවාර්යයෙන්ම ඔබ සැම කියවිය යුතුම ලිපියක්. (ස)