ඉන්දුනීසියාවේ ජාකර්තා නගරයේ සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු එරට ක්‍රියාත්මක වූ වෙබ් අඩවි එකොළහක් සහ සමාජ ජාල වෙබ් අඩවි කිහිපයක් වසා දමා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දුනීසියා ප්‍රවෘත්ති අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දක්වා ඇත්තේ ප්‍රහාරයට සහය පළ කෙනෙ අදහස් සහිත වෙබ් අඩවි මෙලෙස වසා දැමීමට කටයුතු කළ බවයි.
මේ අතරට එරට ආරක්ෂක අංශ විසින් ත්‍රස්තවාදී කණ්ඩායම් වලට සම්බන්ධ සැක කරුවන් සෙවීමේ මෙහෙයුමක් රට පුරාම ක්‍රියාත්මක කැර ඇතැයි ද එරට බලධාරීන් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd