තුර්කියේ ජනපති ටායිප් එර්ඩොගන්ට පක්ෂපාතී ලක්ෂ සංඛ්‍යාත ජනතාවක තම ජීවිත පරිත්‍යාගයෙන් නිරායුධව වීදි බැස හමුදා කුමන්ත්‍රණය පරාජය කළහ. හමුදා ක්‍රියාවට විරුද්ධව නිරායුධව වීදි බැස හමුදා පාලනයට එරෙහිව පෙනී සිටි ජනතාවගෙන් දෙසීය පනහකට වැඩි පිරිසක් හමුදා ප්‍රහාරයන් වලින් මිය ගිය බව වාර්තා වේ. ජනතා නැගී සිටීම ඉදිරියේ බෙලහීන වූ හමුදා කැරලිකරුවෝ ජනතා ග්‍රහණයට හසුවූහ.
තුර්කියේ අග්‍රාමාත්‍ය කියනුයේ මේ වන විට තුන්දහසකට ආසන්න හමුදා පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි. අන්කාරා ප්‍රදේශයේ සියලුම ප්‍රධාන පාළම් සහ මරමස්ථානවසා දමා ඇති බවත්ය.
කුමන්ත්‍රණකරුවන්ට කිසිම බුරුලක් නොදෙන බවත් ඔවුන් කළ ක්‍රියාවන් අනූව දඬුවම් ලැබෙන බවත් තුරුකි අගමැති කියයි.
තුර්කියේ අසාර්ථක හමුදා කුමන්තුණයෙන් ශ්‍රී ලාංකිකයන් කිසිවෙකුටත් හැරිහැරයක් වී නැතැයි අන්කාර අගනුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යයාලය කියයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කුමන්ත්‍රණය සාර්ථක වුණා නම් හොඳයි, රට එකාදිපති පාලනයට යන එක නතර වෙනවා. (ම)
මේ කුමන්ත්‍රණය සාර්ථක වුණා නම් ප්‍රජතන්ත්‍රවාදය බල්ලට යනවා කුමාර් ගේ දනුමන් ගැන කියල වැඩක් නැහැ. (බ)