IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


තුර්කියේ සිටින සිරියානු සරණාගතයන්ගේ සංඛ්‍යාව ලක්ෂ හය ඉක්මවයි

තුර්කියේ සිටින සිරියානු සරණාගතයන්ගේ සංඛ්‍යාව 600,000 ඉක්මවන බවත් ඉන් 400,000ක් සරණාගත කඳවුරු වලින් පිටත ජීවත් වන බවත් තුර්කියේ ආපදා කළමනාකරණ ඒජන්සියේ නිලධාරියෙක් පැවසීය. ඔහු තවදුරටත් පවසා සිටියේ පසුගිය හජ් උත්සවයට පෙර මේ පිළිබඳව අධ්‍යයනය කළ බවත් එහිදි අනාවරණය වූයේ තුර්කියේ සිටින සිරියානු සරණාගතයන්ගේ සංඛ්‍යාව වැඩි වී ඇති බවත්ය.

තුර්කිය සිරියාවත් සමඟ කිලෝමීටර 900ක දේශසීමාවක් බෙදාගන්නා අතර තුර්කිය සිරියානු ජනපති බෂාර් අල් අසාද්ගේ රජයට විරුද්ධව සටන් කරන කැරැුලිකරුවන්ට සහය ලබාදෙයි.

සිරියානු සරණාගතයන්ට තුර්කියට ඇතුළු වීමට අවසර ලබාදි ඇති අතර විටෙන් සරණාගතයන්ට ඇතුළු වන දේශ සීමාව වසා දැමීමටද තුර්කි බලධාරීහු කටයුතු කළෝය.

තුර්කිය සිරියා සරණාගතයන් සඳහා ඩොලර් බිලියන දෙකක් පමණ වැය කර ඇති බව තුර්කි වාර්තා සඳහන් කරයි.එක්සත් ජාතීන්ගේ වාර්තා සඳහන් කරන්නේ 2014 වනවිට සිරියානු සරණාගතයන්ගේ සංඛ්‍යාව මිලියන දෙකක් පමණ වියහැකි බවත් තවත් මිලියන 2.25ක් පමණ රට අභ්‍යන්තරයේ අවතැන් වියහැකි බවත්ය.

 



අදහස් (0)

තුර්කියේ සිටින සිරියානු සරණාගතයන්ගේ සංඛ්‍යාව ලක්ෂ හය ඉක්මවයි

දර්ශන් Tuesday, 22 October 2013 01:29 PM

පව් සිරියානු වැසියන්. මුලදීම මෙම ප්‍රශ්නයට කවුරු කවුරුත් හරියාකාරව මැදිහත් නොවීමේ විපාක. යුද්ධය යනු ලෝකයට තිබෙන ශාපයක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 69 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 864 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site