නොකඩවා ඇදහැලෙන මහ වැසි හේතුවෙන්, අද (11) සවස් වනවිට තායිලන්තයේ බැංකොක් අගනුවර මුළුමනින්ම ජලයෙන් යටවීමේ අවදානමක් ඇතැයි බලධාරීහු බිය පළ කරති.
බැංකොක් නුවරට අමතරව තායිලන්තයේ පළාත් රැුසක් මේවනවිට ජලයෙන් යටවී ඇති අතර ගැලීම් සහ නායයෑම් හේතුවෙන් 250 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තාවේ. මිලියන 12 කට වැඩි පිරිසකට උන්හිටිතැන් අහිමි වී ඇත.
තායිලන්තයට මෝසම් වැසි සමය උදා වූයේ මීට මාස දෙකකට පෙරය. එදා සිට මේ දක්වාම නොකඩවා මහ වැසි ඇද හැලෙමින් පවතී.
තායිලන්ත අගමැතිනී යිංග්ලක් ෂිනවාත‍්‍රා ජාතිය අමතමින් කියා සිටියේ දශක ගණනාවකට පසු තායිලන්තය මුහුණ දුන් දරුණුතම ජල ගැලීම් තත්ත්වය මෙය බවය. ”ජල ගැලීම් නිසා මුළු මහත් තායිලන්තය පීඩාවට පත්වී සිටිනවා. විපතට පත්වූවන්ට සහනාධාර ලබා දීම කඩිනමින් සිදුවෙනවා” යැයි ද තායිලන්ත අගමැතිනිය වැඩි දුරටත් කියා සිටියාය.
බැංකොක් නුවරට මහ වැසි ඇදහැලීම ආරම්භ වූයේ ඉකුත් සිකුරාදා (7) ය. ඊයේ (9) වනවිට බැංකොක් නුවර ප‍්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවීමෙන් ගමනාගමන කටයුතු මුළුමනින්ම අඩපණ වී තිබුණි. බැංකොක් ගුවන්තොටුපොළ ද වසා දැමීමට බලධාරීහු තීරණය කර ඇතැයි ද වාර්තා විය.
විපත පත්වූවන්ට අධාර ලබා දීමටත් ජලගැලීම් හේතුවෙන් කොටුවී සිටින පිරිස් බේරා ගැනීමටත් හමුදාව යොදාවා ඇතැයි වාර්තා වේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවමින් කියා සිටියේ ඉදිරි සතිය පුරාම තායිලන්තයට මහ වැසි ඇද හැලෙනු ඇති බවය.
2025 දෙසැම්බර් මස 04
289
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
413
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
391
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තායිලන්තයේ බැංකොක් නුවර ජලයෙන් යටවීමේ අවදානමක්