IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


තමිල්නාඩුවේ න්‍යෂ්ටික බලාගාරයට ප‍්‍රදේශවාසීන්ගෙන් විරෝධතා

දකුණු ඉන්දියාවේ න්‍යෂ්ටික බලාගාරයක වැඩ කටයුතු ඇරඹීම සම්බන්ධයෙන් විරෝධතාව පළකරමින් උද්ඝෝෂණවල නිරත දෙසීයකට අධික කි‍්‍රයාකාරීන් පිරිසක් පොලිසිය විසින් පෙරේදා(20) අත්අඩංගුවට ගන්නා ලද බව වාර්තා වේ. න්‍යෂ්ටික බලාගාරයේ කටයුතු ඇරඹීමට සැරසුණ මොහොතේ ප‍්‍රදේශවාසී ජනතාවගෙන් සහ න්‍යෂ්ටික විරෝධී කි‍්‍රයාකාරීන්ගෙන් එල්ලවූ බලවත් විරෝධය හමුවේ එහි කටයුතු තාවකාලිකව නවතා දැමීමට තීරණය කළ බව එහි ව්‍යාපෘති අධ්‍යක්ෂ කාසිනාත් බලාජි සඳහන් කළේය. ඉන්දියාවේ නිවාස මිලියන විස්සකට විදුලි බලය ලබාදීමේ අරමුණින් ඉදි කෙරුණු කුන්ඩන්කුලම් න්‍යෂ්ටික බලාගාරය තමිල්නාඩුවේ කූඩන්කුලම් පළාතේ පිහිටා ඇත. බලාගාරයේ වැඩ කටයුතු කඩිනමින් නිම කිරීමට අවැසි පියවර ගන්නා බවට තමිල්නාඩු මහඇමැති ජයලලිතා ඉකුත් දා ප‍්‍රකාශ කළේය. ඊට අමතරව විදුලි බලාගාරය පිළිබඳව බිය ඇති කර ගත යුතු නැති බවත් ඒ අවට යටිතල පහසුකම් සංවර්ධනයට රුපියල් මිලියන සියයක් වැය කරන බවත් මහ ඇමැතිවරිය වැඩි දුරටත් කියා සිටියේය. බලාගාරයේ වැඩ කටයුතු අරඹා කිසිදු ප‍්‍රමාදයකින් තොරව වැඩකටයුතු සිදු කළහොත් රටේ බලශක්ති අර්බුදයට අස්වැසිල්ලක් වනු ඇති අතර එය අගමැති මන්මොහන් සිං අත් කර ගන්නා විශාල ජයග‍්‍රහණයක් වනු ඇති බවට දේශපාලන විචාරකයෝ මත පළ කරති. ඉකුත් වසරේ ජපානයට බලපෑ සුනාමි තත්ත්වය හේතුවෙන් ෆුකුෂිමා බලාගාරයේ මතු වූ න්‍යෂ්ටික විකිරණ කාන්දුව ලෝකයේ න්‍යෂ්ටික බලශක්තිය භාවිත කරන්නන් හට ඒ පිළිබඳ දෙවරක් සිතන්නට ඉඩ කඩ විවර කළේය. මෙම තත්ත්වයද ඉන්දියාවේ න්‍යෂ්ටික බලාගාරය සම්බන්ධයෙන් මතු වූ විරෝධතාවට හේතු විය.



අදහස් (0)

තමිල්නාඩුවේ න්‍යෂ්ටික බලාගාරයට ප‍්‍රදේශවාසීන්ගෙන් විරෝධතා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 39 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 148 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1001 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site