ලෝකයේ සෑම තත්පර හතකට වරක් අවුරුදු 15ට අඩු එක් ගැහැණු දරුවකුවත් විවාහ වීමට ලක් වන බව චිල්ඩ්රන් ආයතනය කියයි. ඇෆ්ගනිස්ථානය, යේමනය, සෝමාලියාව සහ ඉන්දියාව වැනි රටවල්හි අවුරුදු 10 වයසේ පසුවන ගැහැණු දරුවන් පවා වඩා වියපත් පිරිමින්ට විවාහ කර දීම බහුලව සිදුවන බව එම වාර්තාව පෙන්වා දෙයි.
මෙවැනි විවාහ වලදී ඔවුන්ට අහිමි වන්නේ අධ්‍යාපනය පමණක් නොවේ. මවක වීමට සිරුර හැඩගැසී නොමැති බැවින් දරු ප්‍රසූතියකදී සිදුවන ආබාධ වලට මුහුණ පෑමට හෝ සමහරවිට මරණය පවා සිදුවීමට ඇති අවකාශ සම්බන්ධයෙන්ද මෙම වාර්තාව කරුණු දක්වයි. අධ්‍යාපන අවස්ථා ද දරුවන්ගේ ළමා කාලයද ඔවුන්ට අහිමි කරවන අතර වඩාත් බරපතල කාරණාව වන්නේ ඔවුන් ගෘහාශ්‍රිත හිංසනයන්ට ගොදුරු වීමයි. ස්ත්‍රී දූෂණයන්ට ලක්වීම නිසා මෙම දරුවන් ඒඩ්ස් වැනි රෝග වලට ලක්වූ අවස්ථා ද ඇත.
යුද්ධය, දරිද්‍රතාවය සහ සමාජ ගැටලු බොහෝ අඩු වයස් විවාහ වලට හේතුවක් බව මෙම වාර්ථාවේ දැක්වේ. නයිජර්, චැඩ්, මධ්‍යම අප්‍රිකා සමූහාන්ඩුව, මාලි සහ සෝමාලියාව යන රටවල් වල මෙම තත්වය වැඩි වශයෙන් දක්නට ලැබේ. සියාරා ලියොන් රාජ්‍යයේ ඉබොලා වෛරසය පැතිරීම නිසා පාසල් වසා දැමීම හේතුවෙන් අඩු වයසින් මාතෘත්වයට පත්වීම් 14000ක් පමණ වාර්තා වෙයි.
යුනිසෙෆ් සංවිධානයේ ගණනය අනුව වර්තමානයේ කෝටි 70ක් පමණ වන අඩු වයස් විවාහ සංඛ්‍යාව 2030 වර්ෂය වනවිට කෝටි 95ක් පමණ වනු ඇත.
ලෝකයේ කෝටි 110ක් පමණ වන ගැහැණු දරුවන් සහ ඔවුන් මුහුණදෙන අභියෝග තේමා කරගෙන එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ජාත්‍යන්තර ගැහැණු ළමයින්ගේ දිනය ප්‍රකාශයට පත්කර ඇත.
2025 දෙසැම්බර් මස 04
484
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
468
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තප්පර හතකට වරක් පුංචි දැරියක දීගෙට යනවා