ඩුබායි පොලිසිය තම පොලිස් රථ බළඇණියට ලැම්බෝර්ගිනි මෝටර් රථයක්ද ඇතුළත් කරගෙන ඇත.
ලැම්බෝර්ගිනි සමාගමේ නවතම එළිදැක්වීමක් වන මේ ‘ඇවැන්ටඩෝර්‘ වර්ගයේ මෝටර් රථය පවුම් 300,000 ක් (රුපියල් 57900000) පමණ මිල වේ. තත්පර 3 කදී පැයට සැතැපුම් 0 සිට පැයට සැතැපුම් 60 දක්වා වන වේගයක් අත්කර ගත හැකි මේ මෝටර් රථයේ උපරිම වේගය ලෙස සදහන් වනුයේ පැයට සැතැපුම් 217 කි.
මේ වර්ගයට අයත් තවත් මෝටර් රථ පොලිස් සේවයට එක්කර ගැනීමට සැළැසුම් කර ඇතැයි ඩුබායි පොලිසිය කියයි.මේ මෝටර් රථ අධිවේගී මාර්ගයන්හි සේවයේ යෙදවීමට බලාපොරොත්තු වන බව ඔවුන් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තෙලේ බලේ තමයි. ලංකාවේ අපට නම් ෆූට් බයික් එකක් වුණත් වටිනවා. (නි)
ලංකාවට ලැම්බෝගිනි ගෙන්නන්න සල්ලි කොහෙන්ද ? (නි)
මම නම් තාම එහෙම එකක් දැක්කේ නැහැ. නමුත් ඩුබායි පොලිසිය පාවිච්චි කරන්නේ ඔක්කොම බී.එම්. ඩබ්. වාහන. (ස)
රූමි, ඔයා ප්‍රවෘත්ති බලන්නේ නැද්ද ? https://www.facebook.com/media/set/?set=a.579763852042671.1073741865.136509933034734 (නි)
ඩුබායි පොලිසි වලට ලැම්බෝගිනි... අපේ පොලිසි වල ජීප් එකක්වත් හරියට නැහැ. (නි)
අපිටත් තියනවා බඩේගිනි.. ඇඩෙනවා හලෝ... (ස)
නියමයි. (නි)
අපේ රටේ හැමදේම වෙන්නේ කොමිස් වලට. අපි කවදද ඔලුව උස්සන්නේ? (නි)