ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හෙට (24) ඉන්දියාවේ සිය පළමු නිල සංචාරය සිදුකිරීමට නියමිතව ඇත.
මෙලනියා ට්‍රම්ප් මහත්මියද සංචාරයට එක්වීමට නියමිතව ඇති අතර පැය 36 ක කාලයක් ඉන්දියාවේ ගතකරනු ඇත.
ආසන 10,000 කින් සමන්විත ලොව විශාලම ක්‍රිකට් ක්‍රීඩාංගනය විවෘත කිරීම සහ ටජ් මහල් මන්දිරය නැරඹීමටද යුවල සහභාගී වීමට නියමිතය.
බටහිර ඉන්දියාවේ අහමබාද් සිට නව සර්දාර් පටෙල් ක්‍රීඩාංගනය දක්වා මාර්ගයේ කඩිනමින් තාප්පයක් ඉදිකරන අතර මුඩුක්කු නිවාස වසා දැමීම සඳහා එය ඉදිකරන බවට විවේචන එල්ල වෙමින් පවතී.

බොහෝ දෙනා පවසන්නේ මෙය යථාර්ථය සැඟවීම සඳහා නරේන්ද්‍ර මෝදි මහතා දරන උත්සාහයක් බවයි.
ට්‍රම්ප්, මෝදී සහ මෙලනියා ට්‍රම්ප්ගේ රුව රැගත් බැනර් සහ පුවරු විශාල ප්‍රමාණයක් අහමබාද් නගරය පුරා සවිකර තිබේ.
ඇමරිකානු ජනාධිපතිවරයා ගමන් ගන්නා මාර්ගවල කිලෝමීටර් තුනක් ඇතුළත සුනඛයන් සහ වීදි ගවයන් ඉවත්කිරීම සඳහා විශේෂ කණ්ඩායමක් යොදවා තිබේ.
අහමබාද් ගුවන්තොටුපලේ ධාවන පථයේ කුරුල්ලන් හා වඳුරන් එළවීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.
ටජ්මහල ආසන්නයේ පිහිටි යමුනා ගඟෙන් දුර්ඝන්දය පිටවීම වැළැක්වීම සඳහා එයට විශාල ජල ප්‍රමාණයක් මුදාහැර ඇතැයි වාර්තා වේ.
දුර්වර්ණය තිබූ ටජ් මහල හුනු පිරියම් කර ප්‍රතිසංස්කරණය කර තිබේ.
(ඒඑෆ්පී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හාස්‍යජනකයි, ඉන්දියාව කියන්නේ කාර්මික යෝධයෙක්... දියුණු, ධනවත් රටක්, මුළු ලෝකෙම එක දන්නවා. එ්ත් අධික ජනගහනය නිසා දිළිඳුකමත් තියෙනවා. එ්ක ලෝකේ කොහෙත් එහෙම තමයි. හරියට ඇමෙරිකාවේ හෝම්ලස් මිනිස්සු ඉන්නවා වගේ... ඉතින් තාවකාලික විසඳුම් දීලා පැලැස්තර දැම්මට ගඳගහන තුවාලේ එහෙම්මයි. ඕවට ලෝකේම මිනිස්සු හිනාවෙනවා. ලංකාවේත් පාලකයින් මෝදිට දෙවැනි නැහැ. ඔහොම ලොක්කන් එනකොට කොළඹ හිඟන්නන් පන්නපු එක මුඩුක්කු කඩපු එක මෙහෙත් කෙරිලා තියෙනවා. ඕවා හීනමානයේ ලක්ෂණ... මේ පාලකයින් පොඩි තැනකින් ඉහළට ආවට පෞරුෂය දියුණු කරගෙන නැහැ. මෙවැනි උදවිය තමයි ධනවත් වූවත් තමන්ගේ දුප්පත් ඥාතීන් නොසලකා හරින්නේ, තමන් දුප්පත් වුණාට අභිමානවත් මනුෂ්‍යයෙක්ට එක ලැජ්ජාවට කාරණයක් නෙවේ. ලජ්ජාවිය යුත්තේ ඉක්මනින් ධනවත් වෙන්න සමාජ විරෝධී පිළිකුල් අධම උපායමාර්ග යෙදීමයි. බුද්ධිමත් ඉහළ පෞරුෂයක් තියෙන මනුස්සයෙක්ට දුප්පත් වුණත් රැජිණක් අධිරාජ්‍යයෙක් වගේ අභිමානයෙන් ඉන්න පුළුවන් ඔය විගඩම් නොකර...
ඉන්දීය අගමැතිධුරන්දර තැන්පත් නරේන්ද්‍ර මෝදි මැතිතුමා කියන්නේ දුප්පතාගේ දුක දන්නා නායකයෙක්... එතුමාට අපගේ ආචාරය. එසේම ඇමරිකන් ජනාධිපති ධුරන්දර ශ්‍රීමත් ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිතුමා කියන්නේ ලෝක සාමය වෙනුවෙන් ඉමහත් සේවයක් කරනා නායකයෙක්. එතුමාටත් අපගේ ආචාරය. ඒ වගේ උත්තමයෙක් අපේ පුංචි ලංකාව ළඟ තියෙන ඉන්දියාව වගේ රටකට එන එක අපිටත් ආඩම්බරයක්...