තායිලන්තයේ පන්සලක් ආශ්‍රිතව සිටි ව්‍යාග්‍ර 140 දෙනකු පමණ ඉවත් කිරීමට දියත් කරන ලද සතියක මෙහෙයුමක් අවසන් වූ බව එරට බලධාරීහු පවසති.
එය ථෙරවාද බෞද්ධ විහාරස්ථානයකි. ටයිගර් ටෙම්පල් ලෙස හඳුන්වන ලුවාන් තා බුවා පන්සල අසල වනයේ වනජීවී ජාවාරම් හා සත්ව අපචාර සිදු වේ යැයි බලධාරීහු චෝදනා කළහ.
එම චෝදනා සැලකිල්ලට ගනිමින් එම විහාරස්ථානය ආශ්‍රිතව සිටි සියලුම ව්යාඝ්රයන් ඉවත් කිරීමට එරට රජය තීරණය කළේය.
වනජීවී නිලධාරීන් එම විහාරස්ථාන සංකීර්ණයක් අසල ව්යාඝ්ර පැටවුන් 40 දෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන ඇත. මෙම ප්‍රදේශයේ නීති විරෝධී ලෙස සත්ව ජාවාරම් මෙන්ම සත්ව කොටස් ජාවාරම් සිදු වී ඇති බවට සාක්ෂි ලැබෙන බව බලධාරීහු ප්‍රකාශ කරති.
එම ප්‍රදේශයේ තැනින් තැන ව්යාඝ්ර සත්ව කොටස් හමුවී තිබේ.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.