IMG-LOGO

ජීව අවි පර්යේෂණාගාර රුසියන් හමුදාවට

යුක්රේනයේ තිබෙන ජීව අවි පර්යේෂණාගාර රුසියානු හමුදාව අතට පත්වේවි යැයි බියක් පවතින බව දේශපාලන කටයුතු පිළිබඳ උප රාජ්‍ය ලේකම් වික්ටෝරියා නුලන්ඩ් පවසයි.

ඊයේ (8) දින සෙනෙට් සභාවේ විභාගයක් අතරතුර දේශපාලන කටයුතු පිළිබඳ උප රාජ්‍ය ලේකම් වික්ටෝරියා නුලන්ඩ් මහත්මිය යුක්රේනයේ ජීව අවි පර්යේෂණාගාර තිබෙන බව පිළිගත් අතර ඇය වැඩි දුරටත් පැවසුවේ එම පර්යේෂණ දත්ත රුසියානු හමුදා අතට පත් නොවීමට කල හැක්කේ කුමක්ද යන්න යුක්රේනය සමග සාකච්ඡා කරමින් සිටින බවයි.

මේ සම්බන්ධව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවේ  ඇමෙරිකාව විසින් සෝවියට් සමූහ ආණ්ඩුවේ සිටි  රටවල ජීව අවි පර්යේෂණාගාර පිහිටුවීම සම්බන්ධව ඉතා විමසිල්ලෙන් මේ දක්වා සිටි බවත් යුක්රේනයේ ජීව අවි පර්යේෂණාගාර 30 කට ආසන්න සංඛ්‍යාවක් තිබෙන බවත්ය

එම ප්‍රකාශයේ වැඩි දුරටත් සඳහන් වුයේ කීව් වෙත ජීව අවි පර්යේෂණාගාර වල තිබෙන රෝග කාරක විෂබීජ ඉතා ඉක්මණින් විනාශ කරන ලෙස උපදෙස් ලබා දී ඇති ලියවිල්ලක් ආරක්ෂක අමාත්‍යංශය සොයාගත් බවයි.

එම ලියවිල්ල පෙබරවාරි 24 වෙනි දින ලෙස දිනය සඳහන් වන බවත් යුක්රේන  ජීව අවි පර්යේෂණාගාර තුල  ඇන්ත්‍රැක්ස්,කොලරාව සහ ප්ලේග් වැනි භයානක රෝග කාරක විෂබීජ වැඩි දියුණු කර ඇති බවත් රුසියානු ආරක්ෂක අමාත්‍යංශය පැවසීය.

(රොයිටර්)

යුක්රේන-රුසියා අර්බුදය:- වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න



අදහස් (1)

ජීව අවි පර්යේෂණාගාර රුසියන් හමුදාවට

roshan Wednesday, 09 March 2022 05:39 PM

මේ ලෝකය විනාශ කරන ප්‍රධාන හවුල්කරුවා වෙන කවුරුවත් නොව ඇමරිකානුවන්ය.

:       2       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 45 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2170 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 674 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site