IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ජර්මානු ආර්ථිකයේ නැග්ම අවසන්

බර්ලින්හිදීය (රොයිටර්)

ජර්මනියේ ආර්ථික නැගී සිටීම අවසන් බවත් යුරෝපයේ විශාලතම ආර්ථිකයට හිමිකම් කියන ජර්මනියේ ආර්ථික වර්ධන වේගය සාමාන්‍ය ආර්ථික වේගයක් බවට පත්වෙමින් තිබෙන බවත් ආර්ථිකවේදී ක්ලවුස් වොහ්ල්රාබේ පවසයි.

ආර්ථික පර්යේෂණ සඳහා වූ ‘අයි.එෆ්.ඕ’ ආයතනයේ ආචාර්ය ක්ලවුස්

වොහ්ල්රාබේ ඒ බව සඳහන් එම ආයතනයේ නවතම පරීක්ෂණ වාර්තාව උපුටා දක්වමිනි. එම වාර්තාවට අනුව ජර්මානු ව්‍යාපාරවල විශ්වාසය හීනවෙමින් තිබේ. 

ඇමෙරිකා ජනාධිපතිවරයාගේ තීරුබදු ප්‍රතිපත්ති හේතුවෙන් ඇති වූ ගෝලීය ආර්ථික යුද තත්ත්වය හේතුවෙන් ගෝලීය ආර්ථිකයේ පසු බැසීමක් ඇති වී ඇතැයි ද ජූනි මාසයේදී ‘අයි.එෆ්.ඕ’ ආයතනයේ ව්‍යාපාර පරිසර දර්ශකයට අනුව ගෝලීය ආර්ථික දායකත්වය සියයට 101.8ක් දක්වා පහත වැටී ඇතැයි වොහ්ල්රාබේ පෙන්වාදෙයි. 

ජර්මානු සාමගම් අතර අවිනිශ්චිතතාව වර්ධනය වෙමින් තිබෙන බව පෙන්වාදෙන හෙතෙම අපනයන බලාපොරොත්තු ද පහත වැටී ඇතැයි ද කියයි. 

055

 



අදහස් (0)

ජර්මානු ආර්ථිකයේ නැග්ම අවසන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 152 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 772 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 376 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site