ජෝර්ජියාවේ පාර්ලිමේන්තුව අසල විරෝධතාවයේ යෙදුණු පිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් 240ක් පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

මොවුන්ගෙන් 80ක් පොලිස් නිලධාරීන් බවද සඳහන් වේ. විරෝධතාකරුවන් පිරිස පාර්ලිමේන්තුවට ඇතුළු වීම වැලැක්වීම සඳහා කැරලි මර්දන පොලිසිය විසින් කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ ප්‍රහාර එල්ල කලේය.

පාර්ලිමේන්තුව නියෝජනය කරන රුසියානු මන්ත්‍රීවරයකු කථානායකගේ පුටුවට පැමිණීමත් සමඟ මෙම විරෝධතාවය ඇතිවිය.

(බීබීසී ඇසුරිණි - 085)