තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා ජයරාම්ගේ අයථා වත්කම් නඩුව ගැන කර්ණාටක මහාධිකරණය ලබාදුන් නඩු තීන්දුවේදී ගණිතමය වරදක් සිදුව ඇතැයි කර්ණාටක රජය සඳහන් කරන බව ඉන්දීය වාර්තා කියයි.

1991 වසරේ සිට 1996 දක්වා ජයලලිතාගේ වත්කම්වල වටිනාකම සමස්ත වත්කමින් 168%ක් වන බවත් මහාධිකරණය දුන් තීන්දුවේ එය 10%ක් ලෙස සටහන්ව ඇති බවත් ඔවුහු කියති. පසුගියදා ඇයට කර්ණාටක මහාධිකරණය දුන් තීන්දුව අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්ද ඉදිරිපත් කෙරිණි.

අයථා වත්කම් සම්බන්ධයෙන් ජයලලිතා ජයරාම් පසුගිය වසරේ සැප්තැම්බර් 27 වැනිදා බැංගලෝරයේ විශේෂ අධිකරණයක් මගින් සිව් වසරක සිරදඬුවම් නියම කර තිබූ අතර කර්ණාටක මහාධිකරණ ඇය නිදොස් කොට නිදහස් කළේ පසුගිය මැයි මාසයේදීය.