ජම්මුහි ප්‍රධාන බස් නැවතුම්පළට අද(07) බෝම්බ ප්‍රහාරය එල්ල කළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
අත්අඩංගුවට ගත් සැකකරු පාකිස්තානු හිතවාදී හිස්බුල් මුජාහිදීන් නම් ප්‍රාදේශීය සංවිධානයක සාමාජිකයකු බවද පොලිසිය පවසයි.
ඔහු කුල්ගම් ප්‍රදේශයේ සිට ජම්මු වෙත උදෑසන පැමිණ ඇති බවත්, සී සීටී වී දර්ශනවලින් සැකකරු හඳුනාගත් බවත් පොලිසිය වැඩිදුරටත් පවසයි.
බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයන් සංඛ්‍යාව 30 දක්වා ඉහළ ගොස් ඇති අතර 17 හැවිරිදි තරුණයකුද මිය ගොස් ඇත.
ඉන්දීය ආරක්ෂක අංශ විසින් ප්‍රහාරයේ සෙසු සාමාජිකයන් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.
16844
(එන්.ඩී.ටී.වී. ඇසුරිනි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වලහා හා හාවා කතාව මතක් වෙයි