ජපානයට දකුණින් මුහුදු පත්ලේ රිච්ටර් මාපකියේ 7.8 ක භූමිකම්පාවක් සිදුව ඇතැයි ඇමෙරිකා භූ විද්‍යා කාර්යාංශය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පවසයි. භූමිකම්පාව සිදුවෙද්දී ජපානයේ අගනුවර ටෝකියෝ නගරයේ ගොඩනැගිලි විනාඩියක පමණ කාලයක් හෙල්ලී ගිය බවත් කම්පනය රට පුරා පැතිර ගිය බවත් එම වාර්තාවල දැක්වේ.
භූමිකම්පාවේ අපි කේන්ද්‍රය පිහටියේ ටෝකියෝ නගරයට කිලෝ මීටර 874 ක් දුරිනි. භූමිකම්පාවෙන් දරුණු විනාශයන් වාර්තා වී නැතත් ටෝකියෝ නගරයේ උමං දුම්රිය ගමන් විනාඩි කිහිපයකට නතර කැර දැමිණි. දුම්රිය මාර්ගවලට හානි සිදුව ඇත්දැයි සොයා බැලීමටත් භූමි කම්පාවත් සමග විනාඩි කිහිපයක් විදුලිය අක්‍රියවීමත් ඊට හේතු විය. ටෝකියෝ පොලිසිය පවසන්නේ ගොඩනැගිලි දෙපසට දෝලනය වෙද්දී බිම ඇදවැටී තුවාල ලැබූ පුද්ගලයන් කිහිප දෙනකු පිළිබඳ තොරතුරු වාර්තා වී තිබෙන බවයි.
මෙම භූ කම්පන තත්වය හේතුවෙන් වු විදුලිය ඇන හිටීම හේතුවෙන් ටෝකියෝ සිට ඔසාකා වෙත දිවෙන අධිවේගි දුම්රිය මද වේලාවක් නතර ව තිබු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිනි
ටෝකියෝ විශ්ව විද්‍යාලයේ භූ කම්පන පර්යේෂණ මධ්‍යස්ථානයේ නවොකි හිරාටා පැවසුවේ මෙම භූ කම්පනය අති ප්‍රබල එකක් බවත්, කම්පන තත්වය විශාල ප්‍රදේශයට දැනුනු බවත්, වාසනාවකට එහි ගැඹුර වැඩිවිමේ ප්‍රතිපලයක් ලෙස සුනාමි තත්වයක් ඇති නොවු බවත්ය.
ජපානය ලෝකයේ භූ කම්පන පිලිබඳ වැඩිම අවධානයකින් පසුව රටයි.
2011 මාර්තුවේ වු 9.0 ක් ලෙස රිච්ටර් මාපකයේ සටහන් වු ජපානයේ භුකම්පාවෙන් ඇතිවු සුනාමි තත්වයෙන් පුද්ගලයින් 20,000 ක් පමණ ජීවිතක්ෂයට පත්වූහ. මෙ මගින් ෆුකොහිමා ඩයි ඉචි න්‍යෂ්ඨික බලාගාරයටද හානි විය.
COMMENTS
ඩොල්පින් සහ තල්මස්සු මරණ එක දැන්වත් ඇත ඇරලා දැම්මොත් හොඳයි. (ත)
පහන්, කුකුල්ලු මරාගෙන ගිලින එක එක, බල මාළු කන එක හාල්මැස්සෝ කන එක විතරද හොද එතකොට ? එහෙම මස් මාළු කන හින්ද භූමිකම්පා වෙනවා නම් එක රටකවත් ඉතුරු වෙන්නේ නැහැ.(කේ)
පහන්, කුකුල්ලු මරාගෙන ගිලින එක, බල මාළු කන එක හාල්මැස්සෝ කන එක විතරද හොඳ එතකොට? එහෙම මස් මාළු කන හින්දා භූමිකම්පා වෙනවා නම් එක රටකවත් ඉතුරු වෙන්නේ නැහැ. (නි)
සත්තු මරණ නිසා භුමිකම්පා ඇති නවා නම්, මුළු ලොවම ගිලිලා ගොඩක් කල්. අනික ශ්‍රී ලංකාවේ මිනිස්සුත් මරන්නේ සත්තු මරනවා වගේනේ. (නි)
චාමික ,කවුද එහෙම කියලා තියෙන්නේ? ෆාම් එකක කුකුල්ලු ඇතිකරලා මරණ එක වගේද වඳවීගෙන යන ඩොල්පින් තල්මස්සු මරලා ස්වභාව ධර්මය නසන එක. (නි)