වැසිකිළි යාමෙන් පසු ගත පිරිසිදු කර ගැනීමට තබා ඇති කඩදාසි රෝල අසළම තම තමන්ගේ ජංගම දුරකථනයන් පිරිසිදු කරගැනීම සදහා වෙනම කඩදාසි රෝලක් ස්ථාපනය කිරීමට ජපානයේ ටෝකියෝ නුවර නරිටා ජාත්‍යන්තර ගුවන්තොටුපල බලධරයින් කටයුතු කර ඇත.

මෙම විශේෂ කඩදාසි රෝල ජපානයේ ජංගම දුරකථන ක්ෂේත‍්‍රයේ දැවැන්තයෙක් වන එන්ටීටී ඩොකොමෝ සමාගමේ අනුග‍්‍රහයෙන් හදුන්වාදී තිබෙන්නකි.එහි අරමුණ වන්නේ ජංගම දුරකථනයන්ද විටින් විට පිරිසිදු කළ යුතු බව යන පණිවුඩය ජනතාව අතරට ගෙන යෑමයි.

කඩදාසිය කෙසේ භාවිතා කළ යුතුදැයි උපදෙස්ද එහි සටහන් කර ඇත.

වැසිකිළි නවීකරණය කිරීම සම්බන්ධයෙන් ජපානයට අන්තර්ජාතික වශයෙන්ම හිමිව තිබෙන්නේ ඉහළ තැනකි.ලොව පිරිසිදුම හා තාක්ෂණයෙන් උසස්ම වැසිකිළි ඇත්තේ ජපානයේ බව ලොව පුරාම පිළිගැනෙන්නකි.

මෙම නවතම නවීකරණය සම්බන්ධයෙන් සමාජ ජාල පරිශීලකයින් ඇතැමෙක් හාස්‍ය මුසුවද, ඇතැමෙක් මෙය ඇත්තෙන්ම ප‍්‍රයෝජනවත් යැයිද, අයුරින් අදහස් දක්වා තිබෙනුද දැකගත හැකිය.

TPAPERSM 1224 01