IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ජපානයේ නව අගමැති ෆුමියෝ කිෂිඩා

ජපානයේ පාලන පක්ෂයේ නායකත්වය වෙනුවෙන් පක්ෂ අභ්‍යන්තරයේ පැවැති ඡන්දයෙන් ජයග්‍රහණය කිරීමට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වුණු හිටපු විදේශ අමාත්‍යවරයකු ද වන ෆුමියෝ කිෂිඩා සමත් විය.

ජපානයේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වන්නේ ද පාලක පක්ෂයේ නායකයාය. ඒ අනුව, ජපානයේ නව අග්‍රාමාත්‍ය ධුරය ෆුමියෝ කිෂිඩා ට හිමි වනු ඇත. ජයග්‍රහණය සදහා ෆුමියෝ කිෂිඩා ට ඡන්ද 257 ක් ලැබුණි.

ඒ අනුව,  64 හැවිරිදි ෆුමියෝ කිෂිඩා ට ඉඩ දී පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ වත්මන් නායක මෙන්ම අග්‍රාමාත්‍යවරයා ද වන යොෂිහිදේ සුගා ධුරයෙන් සමුගනු ඇත.

පක්ෂ නායකත්වය වෙනුවෙන් සුදුස්සකු තෝරා ගැනීමට ඡන්දයක් පැවැත්වීමට තීරණය කළ අවස්ථාවේදී සුගා කියා සිටියේ තමන් ඊට ඉදිරිපත් නොවන බවය.

'කොවිඩ් 19' වසංගතය හමුවේ අග්‍රාමාත්‍ය ධුරය හෙබවීම කායික මෙන්ම මානසික වශයෙන් ද තමන්ට අභියෝගයක් බවත් ඒ නිසා තමන් පක්ෂ නායකත්වය මෙන්ම අග්‍රාමාත්‍ය ධුරය ද අත්හරින බවත් සුගා පවසා තිබුණි.

සුගා අග්‍රාමාත්‍ය ධුරයේත් පක්ෂ නායකත්වයෙත් රැදී සිටියේ වසරක කාලයක් පමණි.

(රොයිටර්)



අදහස් (2)

ජපානයේ නව අගමැති ෆුමියෝ කිෂිඩා

Hemantha Sudusinghe Wednesday, 29 September 2021 04:36 PM

අන්න නියම නායකයෝ .හැමදාමත් ජපානයේ එහෙමයි .තමන්ට රට පාලනය කරන්න පොඩි හරි අමාරුවක් දැනෙන කොට ඉල්ලා අස් වෙලා ඊළඟට ඉන්න සුදුසු කෙනාට දෙනවා .ඒකයි ජපානයේ දියුණුවේ රහස .ඒකට අපේ නායකයෝ කොහොමද

:       0       8

ansmpa Thursday, 30 September 2021 02:40 PM

ඒකට අපේ අයියලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 94 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 898 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site