හමුදා කුමන්ත‍්‍රණයකින් බලයෙන් පහ කළ ඊජිප්තු ජනපති මොහොමඞ් මොර්සිගේ ආධාරකරුවන් සහ මුස්ලිම් සහෝදරත්වය පක්ෂ ආධාරකරුවන් එක්වී ඊයේ (14) කයිරෝ අගනුවර දැවැන්ත විරෝධතා රැුලියක් පැවැත්වූ අතර, විරෝධතාකරුවන්ට හරස් වෙමින් පොලිස් නිලධාරීන් කළ වෙඩි තැබීම්වලින් මුස්ලිම් සහෝදරත්වය පක්ෂ සාමාජිකයෝ 15 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
විරෝධතාකරුවන් චෝදනා කළේ පොලිස් නිලධාරීන් කිසිදු අනතුරු ඇඟවීමක් නොකර තමන්ට වෙඩි තැබූ බවය. වෙඩි තැබීම්වලින් පුද්ගලයෝ 12 දෙනෙක් තුවාල ලැබූහ.23 දෙනෙක් අත්අඩංගුවට පත් වූහ.
ජගත් මානව හිමිකම් සුරැුකීමේ සංවිධාන පවසන්නේ ඊජිප්තුවේ ඉතා දරුණු ලෙස මානව හිමිකම් කඩවීම් සිදුවන බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉරාකය අවුල්කලා. ලිබියාව අවුල්කලා. ඇෆ්ඝනිස්තානය අවුල්කලා. ඊජිප්තුව සහ සිරියාව අවුල් කරමින් ඉන්නවා.පකිස්තානයටත් අත දමාගෙන ඉන්නවා.ඉරානයයි උතුරු කොරියාවයි මෙල්ල කර ගන්න ටිකක් අමාරුයි වගේ. කව්ද මේ ගණන්කාරයා? (ස)
278ක් මේ වෙනකොට මිය ගිහින්, (ස)