(ඉන්දියා රාජ්‍යසභා රූපවාහිනියේ අනුග්‍රහයෙනි)
ඉන්දියාවේ රාජ්‍ය සභා රූපවාහිනිය ශ්‍රී ලංකාවේ ජනපතිවරණය ගැන ඉන්දියාවේ විශාරදයන් සමඟ සාකච්ඡාවක් පැවැත්වීය.
ශ්‍රී ලංකාවේ දේශපාලනය, ආර්ථිකය හා විදේශ සබඳතා ගැන විශේෂඥ දැනුමක් ඇති තිදෙනෙක් එම සාකච්ඡාවට එක්වූහ.
(ඉන්දියා රාජ්‍යසභා රූපවාහිනියේ අනුග්‍රහයෙනි)
ඉන්දියාවේ රාජ්‍ය සභා රූපවාහිනිය ශ්‍රී ලංකාවේ ජනපතිවරණය ගැන ඉන්දියාවේ විශාරදයන් සමඟ සාකච්ඡාවක් පැවැත්වීය.
ශ්‍රී ලංකාවේ දේශපාලනය, ආර්ථිකය හා විදේශ සබඳතා ගැන විශේෂඥ දැනුමක් ඇති තිදෙනෙක් එම සාකච්ඡාවට එක්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතෙක් කල් මහින්දට දෙන්න හිතාගෙන හිටපු මගේ ජන්දේ අනිවාර්යයෙන්ම උදෙන්ම ගිහින් මෛත්‍රීට දෙනවා. (ස)
බන්දුල පෙරේරා කියන කතාව හරි. මේවා නිකන් මෝඩ චුන්. අපි තාම මැරිලා ඉපදිලා නැහැ අතීතය අමතක වෙන්න. ඔය කව්රු ආවත් මහින්ද මහත්තයාගේ ජයග්‍රහණය වලක්වන්න බැහැ (නදී)
කොහොම උනත් මෛත්‍රී තමයි එන්නේ. මහින්ද ගේ ගොඩක් අඩුපාඩු තියෙනවා. බහුතර බෞද්ධයන්ට වෙන අකට යුතුකම් ගැන සද්ද නැහැ. හැම තිස්සෙම යුද්දේ ගැන විතරයි. යුද්දෙට අවුරුදු 12 ක් අපි සැලකුවා ඊට වැඩිය නම් බෑ (නදී)
අපේ රටේ මිනිස්සු හරිම මෝඩයි. මට නම් තේරෙන්නේ එච්චරයි. (නදී)
මමත් මුලින් මෛත්‍රිපාලට දෙන්න හිතුව. ඒත් වටේ ඉන්න ය දැක්කම ඒවගේම රනිල්ට අගමැතිකම දෙනවා කිව්වම ඕනේ නැහැ කියල හිතුවා. රනිල් හදන්නේ බළල්ලු ලවා කොස් ඇට බාව ගන්න. අනිත් එක එය කොහොමද අගමැතිකම රනිල්ට දෙන්නේ ආණ්ඩු බලය මහින්දට තියෙද්දී? ඕව ඔක්කොම මිනිස්සු රවට්ටන කතා. චන්දෙ දිනුවොත් (?) ඔය එක කතාවක් වත් නැහැ. මතකනේ චන්ද්‍රිකා කරපු හැටි. ලියලත් දුන්නා!!! (ස)
මේ ප්‍රවෘත්තිය සිංහල පරිවර්තනයක් එක්ක ලංකාවේ පෙන්නන්න තියෙන්නේ. (ස)
මහින්ද හොඳයි. (ස)
අපරාද වලට ඉඩ නොතබා ජාතික ආණ්ඩුවකින් රට බේර ගමු (අ)
විමුක්ති හරි -සමහර මිනිස්සු කමෙන්ට් දාල තියෙන්නේ හරියට ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ. කුණු ගොඩේ ඉන්න පනුවට තේරෙන්නේ නැහැ ඉන්නේ කුණු ගොඩේ කියලා. මේ දේ රටේ අවාසනාව. අපි නිතරම විවෘතව ලෝකේ දිහා බලන්න ඕනි. මම දැනට රටවල් 15 විතර ඉදලා තියෙනවා අපි ඉන්නේ කොයි තරම් පල්ලහින්ද කියල සමහර වෙලාවට හිතෙනවා. මිනිස්සු හිතන්නේ හරිම හණමිටි විදියට. (නදී)
ජේ.ආර්.ජයවර්ධන බලයට ආ පසු සිරිමා බණ්ඩාරනායක මහත්මිය විසින් රැකගෙන ආ මැදිහත් විදේශ ප්‍රතිපත්තියට කණකොකා හැඬලුවා. ඉන්දියාව අපහසුතාවයට පත්කරන රාජ්‍ය තාන්ත්‍රික නොවන බොහෝ අශිෂ්ට වැඩ ලංකාවේ මෝඩ පාලකයින් අතින් සිදු උනා. ඒ නිසාම බලවත් වූ එල්.ටී.ටී ත්‍රස්තවාදය හරහා ජීවිත විශාල ප්‍රමාණයක් නැති උනා. ආර්ථිකය කඩා වැටුනා. මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සෙවන ලබා ඔය තැනට පත් උනත් බණ්ඩාරනායකලාගේ නම ඉතිහාසයෙන් මකා දමන්න ගත් අදුරදර්ශී ක්‍රියා මාර්ගය නිසා ඉන්දියාවේ මධ්‍යස්ත විදේශ ප්‍රතිපත්තියෙන් ඈත් වී චීනය පැත්තට වේගයෙන් ඇදී ගියා. බණ්ඩාරනායක පවුල ට දුන් "පොහොර" ඉන්දියාවෙන් රාජපක්ෂලාට නොදෙන බව දන්නා නිසා ආර්ථික හා යුදමය වාසි චීනයෙන් ලබා ගන්න පෙළඹුනා. (නදී)
අපි මහින්දට. ඔය මොන යකා මොනවා කීවත් මහින්ද පරදවන්න බැහැ (නදී)
සයිප්‍රස් ජෙසික, ඉන්දියාවට ලංකාවට හානි කරන්න ඕනේ නම්, යුද්දේ අවසන් කාලය තුල, එක පරිප්පු ලෝර්ඩ් එකකින් ඔවුන්ට එය කරන්න තිබුන. ඔවුන්ට ඕනේ ශක්තිමත් අසල්වැසියන් මිස, චීන යටත් විජිතයක් නෙවෙයි. ප්‍රජාතන්ත්‍ර වාදයේ බිඳ වැටීම බරපතල වී ඇති මේ මොහොතේ මේ රස්තියාදු කාරයෝ ටික මුඩුක්කුවට යැවීමට මෛත්‍රී අර වෙන විකල්පයක් නැත.(නදී)
ඉසුරු හරි අපේ ඡන්දය නම් මෛත්‍රී මහත්තයටම තමයි (දිල්)
ඉන්දු, මට කියන්න ලංකාව දියුණු වුණාම ඉන්දියාවට තියන පාඩුව මොකක්ද? ඉන්දියාවට හොඳ ආයෝජන අවස්ථාවක් , වෙළද පොළක් ලැබෙනවා. ඔයා අල්ලපු ගෙදර දිහා බලන විදියට රටවල් තීරණ ගන්නේ නැත. (නදී)
ලංකා, උබ චීන ගැන මොනවද දන්නේ? ඔයා ලංකාවේ විතරද කොහෙද ඉදල තියෙන්නේ. චීන කරන විනාශය බලන්න එලියට එන්න.100%ක් ම ඔවූන්ට ඕන කර තිබෙන්නේ යුදමය අවශ්‍යතා සදහා ශ්‍රී ලංකාව පාවිච්චි කිරීමට සහ අනාගතයේ චීන යටතේ පවතින රටක් කිරීමට. (ර)
මමත් මහින්දට (අ)
ජනපති දිනවමු. රට බෙදනුන් පරදමු. (අ)
ජනාධිපතිතුමා දන්නවා රටවල් එක්ක ගනුදෙනු කරන විදිහ. චීනයට අවශ්‍ය විදිහටවත් ඉන්දියාවට අවශ්‍ය විදිහටවත් ඔහු නටන්නේ නෑ. නමුත් අවශ්‍ය වැඩ ටික ඔහු කරගනී. මුළු ජාත්‍යන්තර ප්‍රජාවටම හොල්ලන්න බැරි උන ජනාධිපතිතුමා, චීනයටත්, ඉන්දියාවටත් අවශ්‍ය විදිහට අපේ මව්බිම පාලනය කරන්න දෙන්නේ නෑ. (ර)
ඔය කට්ටිය උඩින් ඇවිල්ල පරිප්පු දුන්න මතකද, එදා රජිව් ගාන්ධි මහත්තයට කලදේ මතකද ,නැව් ගෙනල්ල අපිව බයකරන්න හැදුව මතකද, , අපි ශක්තිමත් වෙනකොට ,රට සංවර්දනය වෙනකොට පුංචි බයක් තියනවා චීනයට ,අපේ රටේ කිසිවෙක් කිසිම රටකට බය වෙන්න අවශ්‍ය ද (අ)
ඔය මොන යකා මොනවා කීවත් මහින්ද පරදවන්න බැහැ කියල කියන්නෙත් යකෙක්. මොකද ජිල් මාර්ට් යකා සේරටම වඩා බලවත් නිසා. (නදී)
මොන පක්ෂේත් හොරු දුෂිතයෝ ඉන්නවා. ඡන්දදයකයෝ දැනගන්න ඕනේ ඔවුන්ව පාර්ලිමේන්තුවට නොයවා වෙන අපේක්ෂකයෙකුට ඡන්දෙ දෙන්න. තවම අපේ රට එල්.ටී.ටී එක ලවා විනාශ කරවන්න බලන බටහිර ජාතින් ඒ අදහස අතහැර නොමැති බව පැහැදිලිව පෙනෙනවා. ඒ නිසා මහින්ද මහතාටම දෙනවා. නොදන්නා මෛත්‍රීලට දීලා පසුව පසුතැවෙන්නේ නැතුව. (නදී)
මොවුන්ගේ සිහිනය රාජපක්ෂ පරාජය විම. අපි මහින්ද රාජපක්ෂ ජනාදිපති දිනවමු (නදී)
මගේ එකම පැතුම රාජපක්ෂ ජනපතියි. ඒකට හේතුව දැන් රට ගැන අපිට පිටරටක ඉඳලා හොඳට කතා කරන්න පුළුවන්. දියුණුව හොඳට පේනවා. ජනපතිතුමාට ජයවේවා! (නි)
පිටරට ජනමාධ්‍ය වාර්තා අවශ්‍ය නැහැ. රටපුරා මහාමාර්ග වල ගමන් කිරීමේදී දකින පෝස්ටර් කටවුට්ම ඇති තීරණයක් ගන්න. මර්ධනය ඇස් ඉදිරිපිටම දකින පාවෙන චන්ද සියල්ල මර්ධනයට එරෙහි වනු ස්වාභාවිකයි (නදී)
මට නම් දැන් හිතෙන්නේ අනිවාර්යයෙන්ම මෛත්‍රීපාල මහතා දිනවියයුතු බවයි. (නි)
මේ කුමන්ත්‍රණය පිටුපස බටහිරටත් වඩා ඉන්නේ ඉන්දියාව. චීනය වගේ නෙමෙයි ඉන්දියාව හැමදාමත් අපිට කළේ කෙනිහිලිකම්. රවේ පසුබෑමට ඉන්දියාව වග කියන්න ඕනෑ. තවදුරටත් ඒක වෙන්න නොදී මහින්ද මහත්තයාව දිනවන්න මේ රටේ බුද්ධිමත් ජනතාව ඒකාරාශී විය යුතු කාලය එළඔිලා (අ)
නන්දන ඔයාගේ ලෝක දේශපාලන දැනුම බින්දුවයි කියල ඔයාගේ කොමෙන්ට් එකෙන්ම පේනවා. ඉන්දියාව වගේ රටක් තමන්ගේ රට අසල තවත් දියුණු රටක් තියනවා දකින්න කැමති නැහැ. එයාලට ඕනේ මෙම කලාපයේ එයාලගේ බලය තහවුරු කරගන්න. අනිත් රටවල් එයාලගේ යම් පාලනයක් යටතේ තියා ගන්න. ඒක ඉන්දියාවේ අතීත සහ වර්තමාන ක්‍රියා කලාපයෙන්ම තේරුම් ගන්න පුළුවන් (නදී)
බන්දුල පෙරේරා ඇතුළු කඩේ යන අයට කියන්නේ රටක් පාලනය කරන්න පරිනත බුද්දියක් අවශයයි. දැනටමත් බොහෝ නුගතුන් විදේශ සේවයේ සිටිමින් කරන්නේ කරන්න රට හුදකලා කිරීමයි. (නදී)
මහින්දව අයින් කරන්න මේ රටේ ජනතාව ඉඩ දෙන්නේ නැහැ. (නදී)
ඉන්දු ඔය දවල් හීන දකිනවා ඕවා දවල් හීනම තමයි (නදී)
අපි රාජපක්ෂ විරෝධී වෙන්නේ රට කන හැටි පේන නිසා..ඔය අනිත් ඔක්කොම රත්මලානේ විදුහලට යවන්න. (ස)
අපි තීරණය කරන්නම් ජාන්ධිපති කවුද කියලා අපිට උපදෙස් අවශ්‍ය නැහැ ඔය කාගෙන්වත් (දී)
මහින්ද රට දියුණු කළා. කොන්ද කෙලින් තියෙන නායකයෙක්. මගේ ඡන්දය මහින්දට. (නදී)
මෙම වැඩසටහන බැලුවට පස්සේ එම් ආර්. ට ඡන්දෙ පාවිච්චි කරන්නට මිනිස්සු තීරණය කරාවි. (අ)
යුද්දය ගැන කතාකළා ඇති කියන කට්ටියට කියන්න තියෙන්නේ මේ යුද ජයග්‍රහණය දුටුගැමුණු රජතුමා ලැබූ ජයට සමානයි කියායි (නි)
ලෝක කොටි හිතවාදීන් සතුටු වෙන ප්‍රතිපලයක් ලැබීමට දායක නොවී යුතුකම් ඉටුකිරීමට දායක වෙමු (නදී)
මේක බලන්න නම් උනේ නැහැ. කොහොම උනත් , ඕන රටක දුෂණ , අක්‍රමිකතා තියනවා, ඇමරිකාව, කැනඩාව , එංගලන්තය නැතුව නෙමේ. අනික හෙට එන අය ඕක නොකරාවි කියල කාටද සහතික දෙන්න පුළුවන්. මේ සේරමලා හදන්නේ මහින්දව පාවා දෙන්න. (නදී)
බන්දුලට, ඉංග්‍රීසි විතරක් නෙවෙයි, මොකුත් බැහැ කියලා අපිනම් දැනගෙන හුගක් කල්. (ර)
මේ රට ආයෙත් අවුල් කරන පාප කර්මයකට හවුල් වෙන්න එපා. (නදී)
ඒකාධිපතිත්වයක් කරා යාම, පවුල් කේන්ද්‍රීය පාලනය, ආර්ථිකයේ කඩා වැටීම, චීන රූකඩයක් වීම. මේවා ගැන හොඳට මේ මිනිස්සු දන්නවනේ. සමහර අපේ රටේ මිනිස්සු අන්ධානුකරණයෙන් හිටියට මුලු ලෝකෙම දන්නවා අපේ පාලකයන්ගේ කෙරුවාවල් ගැන. (නදී)
ප්‍රභාකරන් කිව්වා හරි. සිංහලයට ඉක්මනින් අමතක වෙනවා කියලා. ඉස්සර කොළඹට අාවම වාහනයක ටයර් එකක් පිපුරුවත් පන කඩාගෙන දුවනවා (නදී)
මහින්ද දිනන ඕනේ .එත් බලයඅඩු වෙන්නෙ ඕනනේ. (ස)
ඉන්දියාවට ඕන විදියට රට පාලනය කරනවා නම් ඔය මොකුත් නැහැ. එ්ත් මහින්ද මහත්තයා තමයි මෑත කාලයේ පහල වු හොඳම නායකයා (නදී)
යුද්දේ දිනලා හරියටම ඉන්න උනේ අවරුදු 5යි. ප්‍රභාකරන් කියපු එක හරි. සිංහලුන්ට හැමදේම ඉක්මනට අමතක වෙනවා (නදී)
ඉන්දියාවට විතරක් නෙවෙයි ගොඩක් රටවල් මහින්දව පරද්දන්න සහය දෙනවා. ඒත් අපි යුද්දය අවසන් කරල රට සංවර්ධනය කරන රාජපක්ෂව දිනවන්න කටයුත කරනවා. රටක් විදියට අභිමානයෙන් පෙරට යන්න නම් ශක්තිමත් නායකයෙක් රටට ඉන්න ඔනෑ. මැතිවරණයෙන් දින 100 කට පස්සේ රටෙි නායකත්වය නිකමිම ගන්න බලන් ඉන්න අයට ඒ ශක්තිය තියෙනවාද? (නදී)
කඳුළු වලින් නායකයෝ බිහිවෙන්නේ නැහැ මහින්ද තමා සුදුසුම නායකයා (නදී)
මෙම රූපවාහිණී වැඩසටහනේ අවසාන කොටස අවධානයෙන් බලන්න. ඉන්දියාවේ වුවමනාව මොකක්ද කියල තේරෙනවා. මේ අයට තියෙන්නේ පක්ෂක්ග්‍රාහී මානසිකත්වයක්. චීනය ලංකාවේ කරන ආයෝජන අනාගතයේ යුධමය කටයුතුවලට කරන ඒවා කියලයි හිතන්නේ. නමුත් මේ අය ලංකාවට කරන කෙනෙහිලිකම් ගැන කිසිම කථාවක් නැහැ. (නදී)
ජනතාවගේ බදු මුදල් හා පිට රටවලින් පොලිය යටතේ ගන්නා ණය මුදල් තමා මේ හැම කෙනෙක්ම යොදවන්නේ. තමුන්ගේ මුදල් නෙවේනේ. එහෙනම් එම මුදල් යොදවන්න ඕනේ ආදායම් එන ව්‍යාපෘති වලට නේද? නැත්නම් ණය වලට පොලි ගෙවන්නේ කව්ද? අපිම නේද?එහෙනම් අරය කළා මෙයා කළා කියන එක නෙවේ පුරසාරම් දොඩවන්න ඕනේ. අපේ සල්ලි වලින් අපි පත් කල අය හරි දේ කලාද කියන එක නේද? ලංකාවේ මිනිස්සුනට ඇයි මේ දේවල් නොතේරෙන්නේ? (ස)
මේ ගොල්ල කියන්නේ මෛත්‍රිපාල මහතාට දිනන්න අවස්ථාව තියෙන බවයි. යු එන් පි සහය, චන්ද්‍රිකා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට. සිංහල බෞද්ධ බලවේග වල සහය (හෙළ උරුමය හරහා) ලැබෙන බව හා රනිල්ගේ ජනප්‍රියතාව මත දෙමල හා මුස්ලිම් සහය ලැබෙන නිසා. (නදී)
මේ සාකච්ඡාව සමස්තයක් වසයෙන් ගත්තොත් වාසිය තියෙන්නේ තවම ගරු මහින්ද ජනාධිපතිතුමාට. (ස)
මහින්ද මහත්තයෝ ඡන්දෙ තව වසර 2කක් කල් දාල තව ටිකක් රට සංවර්දනේ කරලා මිනිස්සුන්ට දෙන්න හැකි උපරිම සහනත් දීලම බලමුකෝ (නදී)
කාරණය දැන් හොඳින් පැහැදිලියි. මගේ මනාපය මහින්දට අද සිට. (නදී)
වැදගත් මධ්‍යස්ථ සාකච්ඡාවක්. පසුගිය පාලන කාලය සහ ක්‍රියාකාරකම් , දෙමළ, මුස්ලිම් ඡන්ද ඉදිරියේ හැසිරිය හැකි අකාරය, පාලනයේ සටකපට කම් සහ එහි ප්‍රතිවිපාක, චීන මැදිහත් වීම ගැන ඉන්දියාවේ ඇති කනස්සල්ල සහ ජාත්‍යන්තරයේ රාජපක්ෂ මැතිතුමා සිටින තැන යනාදී කරුණු ගැන විද්වත් සාකච්ඡාවක්. (නදී)
එදා විජේවීර ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන කිවුව කතාව හරියට හරි කියලා හිතුණා (නි)
බන්දුල පෙරේරාට අපහාස කරන්නේ අතීතය නොදන්නා සහ අනාගතය නොදකින අයයි. (ස)
අවුරුදු ගානක් රට ඉඳලා ඉන්දියන්කාරයෝ එක්ක ඔට්ටු වෙච්ච අපි දන්නවා කවුද ඉන්දියන්කාරයෝ කියලා. ඔවුන් කරන කිසිම දෙයක් අපිට හොඳට කරනවා නෙමෙයි. (නි)
නොදුන් ජනමතයක් 2/3ක් ලෙස හරවා ගැනීම. එමගින් පාර්ලිමේන්තුවේ උත්තරිතරබාවයට පහර ගැසීම, 17 වන සංශෝධනය මග හැරීම හා එමගින් සියලු ඉහල නිලතල පත් කිරීම් තමා වෙතට නතු කර ගැනීම, අධිකරණයට අනවශ්‍ය ලෙස අත පෙවීම හා ඉහල විනිසුරු ධුරයන්ට තමාට හිතවත් අය පත් කරගැනීම, දැරිය නොහැකි ඇමති මණ්ඩලයක බරක් ජනතාව මත පැටවීම, විරුද්ධ මත නොඉවසීම, විදේශ තානාපති සේවා සදහා සුදුසුකම් නැති සිය හිතවන්තයන් පත් කිරීම, රජයේ මාධ්‍ය අනිසි පාලනය. පාර්ලිමේන්තුවට වග නොකීම,ජනපති නිලයට අධික මුදල් අනුමත කරවා ගැනීම. නිලයට අමතරව ඇමති දුරද දැරීම. මේවා අනුමත කරන අය ඉන්නවද? (නදී)
සමන්ජය මහත්තයෝ ඉන්දියාව අපි දියුණු වෙනවට ඉරිසියයි. බටහිර රටවල් අපේ සංවර්ධනය ගැන තරහයෙන් ඉන්නේ. ඇමරිකාව අපේ දියුණුව ගැන කලබල වෙලා වගේ බොලඳ තර්ක කියන්නේ නැතිව අර්ථවත් කරුණු සහිතව අදහස් දක්වලා පුළුවන් නම් මේ ආණ්ඩුවට එරෙහි ජාත්‍යන්තර මතය අසාධාරණ හෝ යුක්ති සහගත බවට කරුණු ගෙන හැර දක්වන්න. එවිට අපිට පුළුවන් වෙයි ඔබත් සමග එකඟ වෙන්න. (නදී)
අපෙ රට බෙිරාගත් නයකයා පවා දෙන්න මෙ හැමොටම ඔිනි වෙලා තියෙන්න අපි හැමොම එකතුවෙලා මෙ නිදහස් රට රැකගන්න අපේ ජනධිපති තුමා මහින්ද රාජපක්ෂ ජනධිපතිතුමා දිනවන්න ඔිනි. (දිල්)
අනිවාර්යන් අපි සාමයෙන් සතුටින් ජිවත් වෙන්න නම් මහින්ද දිනන්නම ඕනා. එතුමා නිසා තමා අද අපි පාරේ බයක් සැකක් නැතුව යන්නේ.(නදී)
ඕනෑම රටක පාලකයෙක් ගොඩක් කල් හිටියහම අරමුණ අමතක වෙනවා. මම අපේ සන්දානෙම මෛත්‍රී මහත්තයට මේ පාර ඡන්දෙ දෙනවා. මොකද එතුමා ගොවියෙක්ගේ පුතෙක් නිසා පොඩි මිනිහ ගැනත් හිතයි (නදී)
අපිට ඕනේ මෛත්‍රී පාලනයක් (අ)
මේකේ අන්තිමට කියනවා මෛත්‍රී මහතා ආවත් චීනේ සමග සම්බන්දතා අතහරින්න අමාරුයි කියලා. එත් දැනගන්න ඕන මෛත්‍රී මහතා 13 ගැන මොනාද දරන මතය කියලා. මෛත්‍රී මහතා නැතත්, හෙළ උරුමය හෝ කියන්න ඕන. (ර)
පොඩ්ඩක් දියුණු වෙලා බලන්න .මුලින්ම ඊර්ෂා කරන්නේ ළගින්ම ඉන්න එක්කෙනා .(දිල්)
රටේ යුද ගිණිදැල් නිවා දැමූ, සතුටින් සහ ආඩම්බරයෙන් ජීවත්ව සිටීමට හැකි වාතාවරණයක් සෑදූ අපේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යළිත් දිනවමු, ඉන්දියාවේ සහ දෙමළ ඩයස්පෝරාවේ සිහිනයන් දියාරු කරලමු. (ර)
මම සන්ධාන විරෝධියෙක්. නමුත් එතුමා රටේ යුද ගිනිදැල් නිමා දැමුවා. එතුමාව දේශපාලනයෙන් අයින් කරන්න කිරි බොන අයට නම් බැහැ (නදී)
ඉන්දියාවට ඕනේ මහින්දව ගෙදර යවන්න. කව්රු මොනවා කිව්වත් දිනන්නේ අපේ මහින්ද. ජය වේවා! (නදී)
අන්න, අන්න මගේ ඩුබ්ලිකේට් එකෙක් එළියට පැනලා. ඒකට නම් හොඳ ඉඩකුත් දීලා. අනේ අපොයි මම නම් ඔහොම කතාවක් කිව්වෙත් නැහැ. මට ඔය ඉංගිරිසියෙන් කියන දේවල් තේරෙන්නෙත් නැහැ. මට ඉන්දියාවේ අය මොනවා කියනවද කියන එක වැඩකුත් නැහැ. මම ඉන්නේ මේ ලංකාවේ පොළොවේ පය ගහලා. මම දන්නේ මට දැනෙන්නේ මේ රටේ මධ්‍යස්ත සිංහල ජනතාවට හැගෙන දේ පමණයි. ඒ හැගීමෙන් මම දන්නවා මහින්ද මහත්තයට අභියෝග කරන්න දිව්‍යලොකෙන් ශක්‍ර දේවේන්ද්‍රයා ගෙනත් පොදු අපේක්ෂකයා කලත් බැරි බව. (නදී)
අරමුණ පැහැදිලියි. දැන් ටී.එන්.ඒ. මොකද කියන්නේ. අපි 30 වසරක් බැට කෑවා මේ අය ඒවා දන්නේ නැනේ. (ර)
මධ්‍යස්ථව රටේ මිනිස්සුන්ගේ හැගීම් හොඳට විශ්ලේෂණය කරලා බලන කොට නම් පේන්නේ කොටින්ට සහ බටහිරට යට වෙලා කොටි ශක්තිමත් කරපු රනිල් සහ චන්ද්‍රිකා නැවත ආණ්ඩු බලයට එකතු වෙනවට වැඩි දෙනා කැමති නැති බව. මෛත්‍රීව දිනවල වැඩක් නෑ කියල ඒ අය හිතන්නේ විධායක බලය එයා රනිල්ට දෙනවා කියපු නිසා. (බ)
මෙන්න රජය පෙරලීමේ නියම හේතු සාදක සහ කව්ද පිටිපස්සේ ඉන්න කියන එක. (ර)
මෛත්‍රී දිනනවාමයි(දිල්)
මේවා දැකල කඩේ යන කට්ටියට පිස්සු හැදිලා ඇති. අද සියලුම අන්තර්ජාතික මාධ්‍ය කියන්නේ මෛත්‍රී ජය ගන්න බවයි. (නදී)
මම නම් කියන්නෙ මහින්ද මේ පාරත් දිනන්න ඕනා. මොකද ලංකාවෙ මිනිස්සුන්ට මේ වැඩවසම් පාලන ක්‍රමය ඇත්තටම තේරෙන්න තව කල් ඕනා. රජෙක් යටතේ ජීවත් වෙන්න තියෙන ආසාව තාම අපේ මිනිස්සුන්ගෙ ඔළු වලින් අයින්වෙලා නෑ. පාලකයො මොනතරම් ගසා කෑවත් අපේ මිනිස්සුන්ට ගානක් නෑ. පීචං විදියට ජීවත් වෙන්නේ. දේශපාලකයෙක් දැක්කම කොන්ද හතරට නැමෙනවා. අපි මහින්ද ගෙදර යවල මිනිස්සුන්ගෙ මේ ආසාව නැති කරන්නේ ඇයි? (නදී)
හොඳයි (අ)
මේ හැමෝගෙම උවමනාව රාජපක්ෂ පරදින එක,මොකද රාජපක්ෂ පාලනය තුල ලංකාව තව වසර 10 ඇතුලත සමෘද්ධිමත්, දියුණූ ,නිදහස්, උගත්, දැනුවත් මිනිස්සුන්, සතුටින් ජීවත් වන රටක්,මේ දේ මිනිසුනේ තේරුම් කරගන්න. ඉන්දියාව ලංකරගන්නවට වැඩ චිනේ හොදයි අනික කවුරු ලංකර ගත්තත්, රාජපක්ෂ බුද්ධිමත්. (අ)
දිලාන් ඉන්දුට පමණක් නොවේ අපි හැමෝටම දවල් තරු බලන්න පුලවන් කරුමෙකට හරි මහින්ද පැරදුනොත් (නදී)
මහින්දගේ වැරදි නැතුවම නෙමෙයි. ඒවා සුළු දේවල්. රට බේරාගත්තට හැමෝම එතුමාට ණයගැතියි. (නි)
හොඳ ලිපියක් (නි)
මෙහෙම ගියොත් පරිප්පුත් නැති වෙන සීන් එකක් තියෙන්නේ. ඉන්දියාව තරහ කරගන බෑ. චීන ඉන්දියා ගැටුමත් ඇති උන ගමන් කෙලවෙන්නේ අහක ඉන්න අපට. අපිට යුද්ද එපා තවත් දැන් මේ රට ගොඩ දාන්ඩ ඕනේ කාලේ (නදී)
කවුරු කොහොම කතා කරත් ඒක තීරණය කරන්නේ අපේ රටේ ජනතාවයි.(හේ)
සමහරු හිතනවා ඉන්දියාව අපිට ආදරේට තීරණ ගන්නේ කියලා. (නි)
අනිවාර්යයෙන් ජනපති මහින්ද රාජපක්ෂට ඡන්දය දියයුතු බව තීරණය කළෙමි (නි)
විමුක්ති හරි,මම දන්නා හැටියට (නි)
ඉන්දට මාර මොලයක් අප්පා තියෙන්නේ, අනේ ඉන්ද වාඩිවෙනකොට පරිස්සමෙන්, රටක් වටිනා මොලයක් තැලෙයි (අ)
මම කියන්නේ මේ රට බේර ගන්න මහින්දට හොඳ නම් තව සැරයක් මහින්ද රට පාලනය කරහම මොකද වෙන්නේ (නදී)
ඉන්දියාවේ නියෝජිතයා කව්ද කියා දැන් හැමෝටම තේරුම් ගන්න පුලුවන් නම් හොඳටම ඇති. (නදී)
මෙම වැඩසටහන බැලුවට පස්සේ මහින්ද රාජපක්ෂට ඡන්දෙ පාවිච්චි කරන්නට තීරණය කරා (බ)
කිසි කතාවක් නැහැ මහින්ද දිනනවා. (නි)
ඒක 8 වැනිදාට තිරණය කරමු.(හේ)
කාටවත් ඕනෑ විදියට නෙමෙයි අපි ඡන්දෙ දෙන්නේ. අපේ එකම නායකයා මහින්ද රාජපක්ෂ. ජනාධිපතිතුමාට ජය! (නි)
මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ වැරදි නැතුව නෙමෙයි. ඒත් ඔය හවුල්වෙලා ඉන්න අයගේ කෙරුවාව අපි දන්නවනේ.අනික හාමුදුරුවරු තමුන් එකමුතුවෙලා එක බලයක් හැටියට ආවා නම් පිළිගන්න තිබුනා (නි)
ඉන්දියාවට අවශ්‍ය ලංකාව දියුණු නොවී තියෙන්න නම් ඔවුන් දිනවිය යුත්තේ මහින්දවමයි. මොකද මේ කාලේ තමයි රට වැඩියෙන්ම නයවුනේ. අපිට අවශ්‍ය ඉන්දියාව නෙමෙයි අපේ රටේ වංචා දුෂණ නැති පාලනයක්. ඒ සදහා මයිත්‍රී රනිල් අවශ්‍යමයි. එය ජනවාරි 8 සිදුවෙනවා. (නදී)
ලංකාවේ දේශපාලන ප්‍රශ්න ගැන ඉන්දියාවේ මේ වගේ උනන්දුවෙන් කතාබහ කරන්නේ මොකද ? එහෙත් ලංකාවේ කිසිම ආයතනයක් ඉන්දියාවේ ප්‍රශ්න ගැන මේ වගේ අදහස් ප්‍රකාශ කිරීමක් තියෙනවද?අපේ ප්‍රශ්න වලට අපිට වැඩිය රිදෙන්නේ ඒ අයටනේ (දිල්)
මහින්ද මහත්තයා දිනනවාමයි. සංජීවගේ කතාව ඇත්ත. මැතිතුමනි, ඔබ දිනනවාමයි (නි)
අපිනම් ඔය ගැන දන්නේ නෑ.(හේ)
මේ අය මොනවද කියන්නේ කියලා මට නම් තේරෙන්නේ නැහැ (නි)
අදහස් දැක්වූ ගොඩක් දෙනා කලින් රට කරවූ හැටි දන්නේ නැතුව ඇති. ඒ වෙද්දී ඔයාලා ඉපදිලත් නැත්නම් වැඩිහිටියන්ගෙන් අහලා බලන්න. ජනාධිපතිතුමා 2005 ඇවිල්ලා අවුරුදු තුනෙන් යුද්ධය නැවැත්වූවා. රටක් දියුණු වෙද්දී ඒවාට අකුල් හෙළන්න එපා. සිරිසේන හොඳ කෙනෙක්. ඒත් එයාගේ වටේ ඉන්න අය දැක්කහම හිතාගන්න පුලුවන් මොකක්ද කරන්න හදන්නේ කියලා. නොදන්නා දෙවියාට වැඩ දන්නා යකා හොඳයි කියනවනේ (නි)
අපේ රට බේරාගත් නායකයාට මහින්ද මහත්තයාට ජය වේවා.(හේ)
ඒක ජනතාව සතුයි.(හේ)
කාගේත් අවධානය ලංකාව දෙසයි.බුද්ධිමත් තීරණය ජනතාවට භාරයි.(හේ)
මොන ඇසින් දුටුවත් වැඩක් වෙන්නේ නෑ.ජනතාවගේ ඡන්දය මත තමයි ඒක තීරණය වෙන්නේ.(හේ)
ලංකාව දේශපාලන අර්බුද වලින් තොරව සාමකාමීව සිටින තරමට ඉන්දියාව කැමතියි. මොකද මේ රට අස්ථාවරවීම අපේ අසල්වැසියාට වැඩියෙන්ම බලපානවා. ඉන්දියාව දියුණුවීම අපිටත් අපේ දියුණුව ඉන්දියාවටත් වැදගත් සාධකයක්. (නි)
මාත් කාට දෙනවද කියලා තීරණයක් නැතුවයි හිටියේ. ඒත් දැන් මහින්දට දෙන්නයි අදහස. විරුද්ධ පක්ෂයේ ඔක්කොටම තියෙන්නෙ මහින්ද විරෝධය පමණයි. ඒකෙන් විතරක් රටක් ගෙනි යන්න පුලුවන් ද? (නදී)
ලෝකය ඉදිරියේ කෙලින් ඉන්න නායකයෙක් ඉන්නවා කියන්නේ ලෝකයෙන් හැංගිලා තනියම ඉන්නවා කියන එක නෙමේ. ලෝකයෙන් නගන චෝදනා වලට හරියට පිළිතුරු දෙන එක. එහෙම නැතුව මේ ගෝලීයකරණයත් එක්ක අපට ඉදිරියට යන්න බැහැ. එ්ක ලෝකයේ දියුණු රටවල් පවා පිළිගත්තා සත්‍යයක්. අපි මොනවද ලෝකයා නගන චෝදනා වලට පළිතුරු වශයෙන් කරලා තියෙන්නේ. අපි අපේ වැඩක් බලාගන්නවා කියන එක නෙමේද? එහෙම තනියෙම ඉන්න අපට ඉදිරියට යන්න පුළුවන් කමක් නැහැ. අපේ ලෝකයා සමග සහජීවනයෙන් කටයුතු කල යුතුයි. එහෙම නැත්නම් අපව ලෝකයේ කොන් වෙන එක වලක්වන්න කාටවත් බැහැ. අප අද කරන මෝඩ වැඩ වලට වන්දි ගෙවන්න වෙන්නේ අපේ අනාගත පරම්පරාවට. අපේ දරුවන්ට සහ දරුවන්ගේ දරුවන්ට සහ එම පරම්පරාවට. පටු විදිහට හිතන්න එපා. අහල ඇති නේද කතාවක් තියෙනවා දුර බලන්න ලග නොබලනු කියලා. ඒ කතාව සිහියේ තබාගෙන වැඩ කරන්න. අද දවසේ ලබන පටු පුහු මෝඩ වින්දයක් නිසා අනාගත පරම්පරාවේ ජිවිත අදුරු වෙන්න්න ඉඩ තබන්න එපා. (නදී)
මෑත කාලයේ යුරෝපයෙන් බළල්ලු ගොඩාක් මලු වලින් එලියට පැන්නා. රට ඇතුලෙත් පසුගිය දවස් වල බළල්ලු මල්ලෙන් එලියට පැන්නා. තමිල්නාඩු කරණානිධි බළලාත් මල්ලෙන් එලියට පැන්නා. දැන් ඉන්දියානු බළල්ලු? ඒත් කල ගුණ නොදන්න සිංහලයට මේවා කවදා තේරෙයිද මන්දා. රට අවුල් වුනහම, ආයිත් බෙදුම්වාදය හිස ඔසවනකොට, සිංහලයා විනාශ වුනහම නම් තේරෙයි. එතනොට ප්‍රමාද වැඩියි. මහින්ද ගෝඨාභය ඇතුළු රණ විරුවන් රැක ගනිමු. ලබා ගත් සාමය සහ සංවර්ධනය තව දුරටත් රැක ගනිමු. කල ගුණ සලකමු. (නදී)
අනේ කරුණාකරලා මේ සාකච්චාව ජනවාරි 9 දාත් පලකරන්නකෝ. මේ පණ්ඩිතයන්ගේ පණ්ඩිතකම කොහොමද කියල බලාගන්න. (නදී)
අපි ඡන්දෙ දෙන්නේ ඔය කාටවත් ඕනේ විදියට නෙමෙයි. රාජපක්ෂ අනිවාර්යෙන් දිනනවා. (නදී)
මේ අදහස් ගැන බැලූවිට අපිට මෙවන් නිගමන වලට එළඹෙන්න පුළුවන්. (1). අපේ බොහෝ දෙනාට ඉන්දියාව ඇතුළු මේ කට්ටියගේ උවමනාව මොකක්ද කියන එක ගැන අවබෝධයක් තිබෙනවා. (2). මහින්ද මහතා ඡන්ද සටනින් දිනනවා. (නි)
අරවා මේවා ගැන විශ්වාසය තියන මිනිස්සු වැඩිහරියක් ඉන්න රටක් මේක. (නි)
ජනාධිපති වෙන්නේ ඔහුගේ චේතනාව අනුවය. එය නරක නම් ටික කලකින් එයත් වෙනස් වේ (නි)
ඉතාම නිවැරදි විග්‍රහයක්.. සාධාරණ මැතිවරණයක් (සම්භාවිතාවය ඉතාම අඩුයි) පැවත් වුවොත් ප්‍රතිපලයත් නිවැරදි වේවී.(හේ)
බළලා මල්ලෙන් පනී. අපේ ඡන්දය ජනාධිපතිතුමාට. අපි බේරුවල (නදී)
අපි හැමදාම කිව්වේ ඔය ටිකයි. (ර)
ඉන්දියාව කොහොමත් බලන් ඉන්නේ ලංකාව වට්ටන්නයි. ඒ අයට ඕන විදියට අපි නටන්න ඕන නැහැ. අපි අතීතය බලන්න ඕන. අද අපි සැනසීමෙන් හුස්ම ගන්නේ බය නැතිව කොළඹ ගිහින් එන්නේ කවුරු නිසාද.? වැරදි නැතුව නෙවෙයි නමුත් සාපේක්ෂ වශයෙන් මහින්ද මහතාට වඩා හොද කෙනෙක් මටනම් පෙනෙන්නේ නැහැ. හැමෝම නිකන් හුරතල් කතා කියනවා විතරයි වැඩක් කරන්න පුළුවන් කෙනෙක් නැහැ හරියට. (ර)
අපේ ජනපති මහින්ද. අවුරුදු 11 රට සංවර්දනය කරා මෙහෙයුවා. රටට කළ සංවර්දනය පොතක ලියන්න පුළුවන්. නමුත් කවදා හරි දවසක මිනිස්සු කියයි මහින්ද දිගටම හිටියනං රට සංවර්දනය කරලා ඉවරයි කියලා. සිරිමාවෝ 77 පසු හිටියනං හොදයි කියලා දැන් කියන අය ඉන්නවා අපි අතර. නමුත් එදා 90% ඡන්දය ජයවර්ධන ජනාධිපතිට දුන්නා. (හේ)
රටේ දුෂණය වංචාව උපරිමයට ගිහින්.ණය අරන් කරන්නේ යටිතල පහසුකම් ඇති කිරීම.එය ආර්ථික සංවර්ධනයක් ලෙස සිතිය නොහැක.ආණ්ඩුවේ හා විපක්ෂයේ සිටින හොරුන්ගේ වංචා එලි කරන්නේ නැත්තේ අයි?මතට තිත නෙමේ තිතට මත වෙන මේ කාලයේ ආණ්ඩුවේ මැති ඇමතිවර බියර් නිෂ්පාදනය කරනවා.දේසපාලන පත්වීම් මගින් රජයේ රැකිය ලබා දේ .නීතිය පොදු නමුත් එය මහින් ද රාජපක්ෂටට හෝ ඇමතිවරුන්ට පොදු නොවේ. නදී ඔය කඩේ යන්නේ කාටද කියන එක හොඳට තේරුම්ගන්න. රටක නායකත්වය විසින් දුෂිතයන්ට රැකවරණය දෙන කලෙක එම රට පිරිහෙනු ඇත. රට දිනුවේ ඔහු පමණක් නොවේ.අපි හැමදෙනාම එ වෙනුවෙන් සුළු හෝ කැප කිරීමක් කර ඇත. යුද්දේ දිනන්නේ කියා ඡන්දෙ ඉල්ලන්න කාටවත් අයිතියක් නැත. ඔබලාගේ ඔය දෙදි මතය දුර දිග බලල නොගන්න තීන්දු නිසා ඔබ පමණක් නොවේ අනිත් අයත් දුක්විඳින එක තම ප්‍රශ්නය. පුලුවන්නම් පහුගිය කලේ හිටපු නායකයන්ගේ වත්කම් හා දැන් ඉන්න අයගේ වත්කම් ප්‍රසිද්ද කරන්න කියන්න. අන්න එතකොට දන ගන්න පුලුවන් කාගේත් හැටි. හැලිය රත්වෙනකම් කකුළුවා දගලනවා කිව්වට රත් වුණ හැලියේත් මේ මිනිස්සු නටන එක දෙකකම අපි ගැනම දුක හිතෙනවා...(අ)
මහින්ද රාජපක්ෂ අපි නැවතත් ජනපති කරනවා ඔය මොන බලවේග ආවත් අපේ ජනපති මහින්දයි. එය මොන ජගතෙකුටවත් වෙනස්කල නොහැකිය එය මේ රටේ ජනතාව කාලගුණ දන්නා පිරිසක් නිසාවෙනි. මහින්ද පරාජය කිරීමට පමනයි. වෙනත් කිසිදු පරමාර්ථයක් ඔවුනට නැත. ඔවුන්ට ඇත්තේ වෛරය සහ බලලෝබය පමණි. මහින්දට ජය. (අ)
මම නම් උදෙන්ම ගිහින් මෛත්‍රීට ඡන්දය දෙනවා (නි)
ඉතාම වැදගත් සාකච්චාවක්.. සාකච්චාවට භාජනය වෙන කරුණු සේරම ඇත්ත.. ලංකාව ගැන ඉන්දියාවේ ස්ථාවරයත්, ඉන්දියාවේ සහය කාටද කියලත් හොඳින් පේනව.. මහින්ද ගැන ජාත්‍යන්තර ස්ථාවරය හොඳ නෑ තමා.. ඒ විදේශ තානාපති වරුන්ගේ නූගත් භාවය හා නොසුදුසු කම් නිසා. (දිල්)
අවුරුදු 30 ක කුරිරු යුද්දේන් රට බේර දුන්න මහින්ද රාජපක්ෂ මහතාව මේ අවස්තාවේ කොහොමවත් තනි කරන්න බැ. එ්ක නිසා මමත් මහින්දට. (නදී)
ඔය ඉංග්‍රීසි බැහැ කියල කියන්නේ ඔරිජිනල් බන්දුල පෙරේරා නම් වෙන්න බැහැ. මොකද එයා දේශපාලකයෙක් නිසා. (ම)