IMG-LOGO

2024 නොවැම්බර් මස 03 වන ඉරිදා


ජංගම දුරකතනය තව පෙරළියක්

මනසින් පාලනය කළ හැකි ජංගම දුරකථන,සාක්කු පරිගණක ආදී උපාංග නිපදවීමට දකුණු කොරියාවේ සැම්සුන්ග් සමාගම පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

පරීක්ෂණ සාර්ථක වුවහොත් කෙටි පණිවුඩයක් ලිවීමට,සංගීතය රසවිදීමට,දුරකථනයේ තැන්පත් කර ඇති අංක අතරින් තමාට අවශ්‍ය අංකය තෝරා ගැනීමට ආදී ජංගම දුරකථන හා සාක්කු පරිගණක වලින් කෙරෙන සියලූ කි‍්‍රයාකාරකම් සිදුකර ගැනීමට අවශ්‍ය වනු ඇත්තේ තමන්ට අවශ්‍ය කාරිය ගැන සිතීම පමණි.

තවමත් පරීක්ෂණ මට්ටමේ පැවැතියද මේ දක්වා සාර්ථක ප‍්‍රතිඵල අත්කර ගැනීමට හැකිව ඇතැයි පරීක්ෂණ කටයුතු මෙහෙයවනා විද්‍යාඥ පිරිස පවසයි.පැවැසෙන ආකාරයට මේ දිනවල ඔවුන් විශේෂ ‘‘ඉලෙක්ට්‍රෝඩ තොප්පියක්‘‘ යොදාගනිමින් මොළයෙන් නිකුත් කෙරෙනා විද්‍යුත් තරංග නිරීක්ෂණය කරමින් සිටී.මොළය පුරා අදහස් සංසර්ණය වනුයේ විද්‍යුත් තරංග ලෙසය.පර්යේෂකයන්ගේ අදහස ඒ ඒ අවස්ථාවන්හීදී මොළයේ තරංග නිරීක්ෂණය කර ඒවාට ප‍්‍රතිචාර දැක්විය හැකි වන සේ ජංගම දුරකථන ඇතුලු උපාංග දියුණු කිරීමයි.



අදහස් (0)

ජංගම දුරකතනය තව පෙරළියක්

ලසන්ත Thursday, 25 April 2013 09:48 AM

අපේ යට පාපැදියක් වත් හද ගන්ට බැරි වුණාට කතාව නම් රාවනාගේ දඩු මොනර ගැන. ඉරිසියාවට එක එක කතා කියලා පහත් කරනවා. ඕක ඉතින් අපේ රටේ මානවයාගේ හැටිනේ.... (නි)

:       0       0

තරිදු Thursday, 25 April 2013 03:24 PM

ලෝකය තාක්ෂණයෙන් කොච්චර ඉදිරියට යමින්ද තියෙන්නේ? හොද වගේම නරක පැත්තත් තියෙනවා. තෝරා බේරා ගැනීම අපේ අතේ. මොනවා වුණත් හොද වැඩක්. (නි)

:       0       0

ද සිල්වා Wednesday, 24 April 2013 12:17 PM

දියුණු රටවල දැනටමත් විශාල සංඛ්‍යාවක් සුළු මානසික රෝග වලින් පෙළෙනවා. හේතුව ,පරිඝණක ක්‍රීඩා (නි)

:       0       0

දයා Wednesday, 24 April 2013 12:18 PM

මේ විදියට තවත් ඉදිරියේදී ඕනෑම දෙයක් ළගටම ගෙන්නාගන්න පුළුවන් වෙයි වගේ (නි)

:       0       0

චතුර Thursday, 25 April 2013 12:38 PM

මේවා පරිගණකයටත් වඩා ජංගම දුරකතනයට එන එක කොච්චර දෙයක්ද? ව්‍යාපාරිකයෙක්, තරුණයෙක් හැටියට මගේ දැනුම විනෝදය, කරුනු ගබඩා කිරීම වගේ දේට. ඉගෙනගන්න කාලයේ ඉඳන් ජංගම දුරකතනයට කොතරම් තැනක් දුන්නද කියනවා නම්, ‍දැන් මගේ පරිගණකය පාවිච්චි වෙන්නේ හරිම කලාතුරකින්. මේ වගේ තාක්ෂණයක් ඉස්සර තිබුනා නම් දේශන වලදී ඒවා ජංගම දුරකතනයට ඇතුලත් කිරීම මට කොතරම් පහසු වන්නට තිබුනාද? (නි)

:       0       0

ජනක Wednesday, 24 April 2013 01:07 PM

මෙහෙම ගියොත් අපේ ශරීරයේ අවයව අපිට වැඩක් නැති වෙනවා. මෙලෙසට හැමදේම කෙලින්ම ලබාගන්න පුළුවන්. ඉතින් ඇග වෙහෙසන්න ඕනෑ නැතිවෙයි. එතකොට අත පය නැතිවෙලා යයි කියලා මට හිතෙනවා (නි)

:       0       0

හේරත් Wednesday, 24 April 2013 06:32 PM

මොනවද දයා මේ කතා? තාම ඉන්නේ ගල් යුගයේද? කුරියර් සර්විස් ගැන නිකමටවත් අහලාම නැද්ද? (නි)

:       0       0

චන්දානන්ද හිමි Thursday, 25 April 2013 08:34 AM

මනසින් මනස පාලනය කරන්න ඉගෙනගත් දාට අපි දිනුම්. (නි)

:       0       0

සිරි Wednesday, 24 April 2013 01:27 PM

මිනිස්සු ලෙඩ කරවන දෙයක්ද දන්නේ නැහැ (නි)

:       0       0

මාලක Wednesday, 24 April 2013 01:37 PM

මේ තාක්ෂණේ අනාගතේදී සැකකරුවන්ට හයි කරලා ඔවුන්ගේ හිතේ තියන අදහස් ලබා ගැනීමට යොදා ගන්න උත්සාහ කරනවා කියලා අන්තර්ජාලයේ තියනවා. (නි)

:       0       0

නෙතුමි Wednesday, 24 April 2013 07:56 PM

තාක්ෂණයේ දියුණුව නම් ගොඩක් හොඳයි. ඒත් ඕවා ඇයි ජංගම දුරකථන වලටම විතරක් යොදාගන්නේ? මනුස්සයාගේ හොඳ පැත්තට යෙදෙවුවා නම් හොඳයිනේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

සර්බියාවේ දුම්රිය ස්ථානයක වහලයක් කඩා වැටිලා
2024 නොවැම්බර් මස 02 54 0

උතුරුදිග සර්බියාවේ දුම්රිය ස්ථානයක කොන්ක්‍රීට් වියනක් කඩා වැටීමෙන් 14 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. මියගිය පිරිස අතරේ අවුරුදු 6 ක පොඩිත්තෙක් ද සිටී.


ඉරානයේ ආරක්ෂාවට චීනය එයි
2024 නොවැම්බර් මස 02 236 0

චීන විදේශ අමත්‍යාංශය මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා ඇත්තේ, ඉරානයේ ස්වෛරීත්වය උල්ලංගනය කරමින් සහ ඉරාන වැසියන්ට අනතුරක් වන අයුරින් කටයුත


ඊශ්‍රායලයට ලෙසර් ආරක්ෂක පද්ධතියක්
2024 නොවැම්බර් මස 02 104 0

අති නවීන තාක්ෂණය භාවිතයට ගනිමින්, ඊශ්‍රායලය විසින් නිර්මාණයට කරනු ලැබූ ලේසර් ආරක්ෂක පද්ධතියක් ලබන වසරේ සිට රටේ ආරක්ෂාව වෙනුවෙන් යෙදවෙනු ඇතැයි පැවැසෙ


අදානී සමාගම බංග්ලාදේඔයේ විදුලිය කපයි
2024 නොවැම්බර් මස 02 64 0

ශිෂ්‍ය අරගලයෙන් පසු දේශපාලන අර්බුදයකට මුහුණ දුන් බංග්ලාදේශය මේ වනවිට විදුලි බල අර්බුදයකට ද මුහුණ පා සිටී. ඒ, බංග්ලාදේශයට විදුලිය ලබා දෙන, ඉන්දියාවේ අද


කමේනිගෙන් අනතුරු ඇඟවීම්
2024 නොවැම්බර් මස 02 67 0

ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී, ඊශ්‍රායලයට පමණක් නොව ඇමෙරිකාවට ද අනතුරු ඇඟවීමක් කර ඇත. ඒ, ඊශ්‍රායලය ඇමෙරිකාවේ සහාය ඇතිව ඉරාන ඉලක්කවලට ප්‍රහාර එ


කොන්සවර්ටිව් පක්ෂයේ නායකත්වයට කාන්තාවක්
2024 නොවැම්බර් මස 02 2000 1

බ්‍රිතාන්‍යයේ විපක්ෂ දේශපාලන කණ්ඩායම වන්නේ කොන්සවර්ටිව් පක්ෂයයි. කොන්සවර්ටිව් පක්ෂයට නව නායකයකු තෝරා ගැනීම සිදුවුණු අතර, නායකත්වයට පත්වූයේ කළු ජාත


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1206 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 658 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site