IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ජගත් මහ මණ්ඩල සැසියට සුකී නෑ

ලබන සතියේ ඇරඹීමට නියමිතව ඇති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට මියන්මාරයේ නිල නොලත් නායිකා අවුන් සාන් සුඛීට සහභාගි වීමට ඉඩ නොලැබෙනු ඇතැයි වාර්තා වේ.

රෝහින්ග්‍යා අර්බුදය නිරාකරණය කරගැනීමට මියන්මාරය අපොහොසත්වීම හමුවේ එක්සත්ජාතීන්ගේ සංවිධානයේ විරෝධය ඔවුන් වෙත එල්ල වී තිබීම මෙයට හේතු විය හැකි බව විචාරකයෝ පවසති. 
රෝහින්ග්‍යා වැසියන්ට රැකවරණය ලබා නොදීම සම්බන්ධව අවුන් සාන් සුචී ද දෝශ දර්ශනයට ලක්විය. 
සමුළුව නිව්යෝර්ක් නුවරදී පැවැත්වීමට නියමිතව ඇත.
මියන්මාරයේ රඛයින් ප්‍රාන්තයේ ක්‍රියාත්මක කළ හමුදා මෙහෙයුම් හේතුවෙන් රෝහින්ග්‍යා වැසියන් 370000ක් පමණ අසල්වැසි බංග්ලාදේශය වෙත පලා ගියහ. කෙසේ වෙතත් තමන් වෙත එල්ල වී ඇති චෝදනා ප්‍රතික්ෂේප කරන මියන්මාර රජය පවසන්නේ හමුදාව මෙහෙයුම් ක්‍රියාත්මක කළේ රෝහින්ග්‍යා කැරළි කරුවන්ට එරෙහිව බවයි. 
මේ අතර රෝහින්ග්‍යා වැසියන්ට සිදුවී ඇති අසාධාරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත්  ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අද(13) රැස්වීමට නියමිතව තිබිණි.

(බීබීසී පුවත් ඇසුරිනි - 085)



අදහස් (3)

ජගත් මහ මණ්ඩල සැසියට සුකී නෑ

sidu s perera Thursday, 14 September 2017 12:44 AM

මේකත් අපේ රටේ කොටි ප්‍රශ්නයවගේ තමයි....ඔය මුස්ලිම් කැරලිකාරයෝ හාමුදුරුනමක් ගිනිතියා අපවත් කරලා..කොහොම නමුත් එක්සත්ජතින් හැමතිස්සෙම ත්‍රස්තවාදීන්ට පක්ෂපතයි...

:       484       671

මධ්‍යස්තයා Thursday, 14 September 2017 06:33 AM

සිදු @ ඇත්ත තත්වේ හරියාකාරව දැනගෙන කතා කරන්න

:       696       507

perakumThursday, 14 September 2017 10:06 AM

මධ්‍යස්ත මේ අහන්න sidu s perera මහතාගේ කතාව සම්පුර්ණ ඇත්ත. ඔබ තමයි තත්වය හරියාකාර නොදැන කතා කරන්නේ. අපේ කොටි වගේම එහෙත් ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තයින් රෝහින්ග්යාවේ පමණක් නොව මුළු මියන්මාරයේම ප්‍රශ්න ඇතිකළා. ඔවුන්ට එරෙහිව ගනු ලැබූ හමුදා ත්‍රස්ත මර්දන ක්‍රියාකාරකම් නිසා අසරණවූ මුස්ලිම් ජනතාව අසල්වාසී බංග්ලාදේශයට පලාගියා. එකයි ඇත්ත තත්වය.

:       105       173

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 690 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 331 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site