බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු වසර ගණනාවක් තිස්සේ ආදරයෙන් රැක බලා ගත් මල් උයන පසුගිය දා ජලයෙන් යටවිය.
තම මිත්තනිය සිහිවීම පිණිස ඔහු එම මල් උයන නඩත්තු කළේය. විශේෂඥ දැක්මක් සමග එය පුළුල් කළේය.
වසර ගණනාවක් තිස්සේ ආදරයෙන් රැක බලා ගත් මල් උයනේ කොටසක් මෑතක දී කුණාටුවකට ද හසු වී විනාශයට පත් විය.
රැජිනගේ අසූ වැනි උපන් දිනය නිමිත්තෙන් ගඟ අද්දර ඉදි කරන ලද ‘ද ඕල්ඩ් බුල් ඇන් බුෂ්‘ කුඩා මැදිරියට ද ඉන් හානි සිදු විය. උයනේ තිබූ පළතුරු ගස්, පැලෑටි, එළවළු ආසී සියල්ල විනාශ විය.
අඩි 60ක භූමියක් සෝදාගෙන යෑමෙන් පසු මාලිගාව ඇත්තේ ද අඩමානයටය.
(ඩේලිමේල් ඇසුරෙනි)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ! (නි)
සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නැහැ (නි)
දහමින් ඉපයූ දෙය වඩාත් සුරක්ෂිතයි (නි)
මට මේ වෙලාවේ ඩයනා කුමරියව මතක්වුණා. (නි)