IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


චීන නෞකාවක් තායිවාන සමුද්‍ර සන්ධිය දෙසට දියත් කරයි

චීනය එරට නිෂ්පාදිත ගුවන් යානා රැගෙන යා හැකි පළමු නෞකාව තායිවාන සමුද්‍ර සන්ධිය දෙසට දියත් කළ අතර එය තායිවානයේ නොසතුටට හේතු වී තිබේ.

චීනයේ එම ක්‍රියාව “බියගැන්වීමක්” වශයෙන් තායිවානය විසින් විස්තර කරනු ලැබ තිබිණි.

තායිවාන ආරක්ෂක කටයුතු අමාත්‍යාංශය ද ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබිණි. චීනය ඔවුන්ගේ රටේ නිෂ්පාදිත ගුවන් යානා රැගෙන යා හැකි පළමු නාවික යාත්‍රාව යාත්‍රා කිරීම ආරම්භ කළ බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.

තායිවාන සමුද්‍ර සන්ධියට උතුරින් පිහිටි ෂැන්ඩොන්ග් දෙසින් එම යාත්‍රාව ගමන් ආරම්භ කර තිබේ.

“ඔවුන්ගේ සියලු ක්‍රියාකාරකමක්ම නිරීක්ෂණය කරනවා. අප අපේ රටේ ආරක්ෂාවත් කලාපීය සාමය සහ ස්ථාවරත්වයත් ආරක්ෂා කරනවා” යැයි තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්විණි.

ගුවන් යානා රැගෙන යා හැකි නෞකාව සමඟ ආරක්ෂක යාත්‍රා ද ගමන් කරමින් තිබෙන බව වාර්තා විය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් තායිවානයේ ජනාධිපති කාර්යාලයද නිවේදනයක් නිකුත් කර තිබූ අතර චීනය සමුද්‍ර සන්ධිය හරහාත් කලාපය තුළත් සාමය සහ ස්ථාවරත්වය ආරක්ෂා කළ යුතු යැයි එහි දැක්විණි. සාමය සහ ස්ථාවරත්වය පහසුවෙන් නොලැබෙන බව තායිවාන ජනාධිපති කාර්යාලය සඳහන් කර තිබිණි.

ස්වයං පාලනයක් සහිත තායිවානය සිය පළාතක් යැයි චීනය සලකයි. චීනයේ “එක් චීනයක් (වන් චයිනා)” ප්‍රතිපත්තිය ගෝලීයව පිළිගන්නා අතර ඒ නිසා බොහෝ රටවල් තායිවානය සමඟ ද්විපාර්ශ්වීය සබඳතා නොපවත්වයි. 1949 වසරේ පැවැති සිවිල් යුද්ධයෙන් පසු තායිවානය ප්‍රධාන භූමියෙන් වෙන් වූ අතර චීනය එතැන් පටන් තායිවානය තම රටේ කොටසක් බවට පත් කරගැනීමට උත්සාහ දරමින් සිටි.

චීනය දූපතේ පූර්ණ ස්වෛරීත්වයට හිමිකම් කියන අතර ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු ලොව රටවල් සියල්ලක්ම පාහේ එය පිළිගනී.

කෙසේ නමුත් ඇමෙරිකා එක්සත් ජනපදය චීනය පාලනය කිරීමේ අරමුණින් තායිවානයට මිත්‍රශීලි ලෙස කටයුතු කර ඇත. කෙසේ නමුත් චීනය සහ තායිවානය අතර නිල රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවක් නොමැත. එසේ වුවත් ඇමෙරිකාව තායිවානයට ඉතා ඉහළ ගණයේ හමුදා ආයුධ සහ ආම්පන්න අලෙවි කරයි.

අවශ්‍ය වුවහොත් සිය නිල බලය භාවිත කරමින් තායිවානය චීනය යටතට ගන්නා බවට එරට ජනාධිපති ෂී ජින්පින්ග් අනතුරු ඇඟවීය. එහෙත් එසේ නොකරන්නේ සාමකාමී ලෙස තායිවානය චීනයට එකතු කරගත යුතු නිසා යැයි ද හෙතෙම කීය.

තායිවාන ජනාධිපතිවරණය ලබන ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිතය. චීනය ජනාධිපතිවරණයට මැදිහත් වීමට උත්සාහ කරන බවත් ඒ සඳහා චීනය කලාපය තුළ තම හමුදා ශක්තිය විදහා දක්වමින් සිටින බවටත් තායිවානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් චෝදනා කළේය.

“චීනය අපක්ෂපාතී ඡන්ද දායකයන් බියගැන්වීමට උත්සාහ කරනවා” නම සඳහන් නොකළ එම නිලධාරියා කීය.  

ප්‍රේස් ටී.වී. ඇසුරිනි

055

 



අදහස් (0)

චීන නෞකාවක් තායිවාන සමුද්‍ර සන්ධිය දෙසට දියත් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 636 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2317 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1719 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site