චීනය සොරාගත් ඩ්‍රෝන යාත්‍රාව තමන්ට අවශ්‍ය නැති බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.ඔහු මේ සම්බන්ධයෙන් චීනයට සොරකම් කිරීමේ චෝදනා එල්ල කරයි.
තමන් චීනය හා එකඟතාවකට පැමිණි බවත් එම ඩ්‍රෝන යානාව නැවත භාර දීමට චීනය තීරණය කර ඇති බවත් ඇමෙරිකා රජය පවසයි.
ඇමෙරිකා මුහුදු ඩ්‍රෝන යාත්‍රාවක් පසුගිය බ්‍රහස්පතින්දා(15) දකුණු චීන මුහුදේදී චීනය තම භාරයට ගත්තේය.
මෙම සිද්ධිය චීනය හා ඇමෙරිකාව අතර දශක ගණනාවක් තිස්සේ සිදු වූ වඩාත් බරපතල මිලිටරි ගැටුම් අතර මුල් ස්ථානයක් ගන්නා බව විචාරකයෝ කියති.
(ඩොනල්ඩ් ට්‍රම්ප් මේ සම්බන්ධයෙන් පලකළ ට්විටර් පණිවුඩ)
(බීබීසී)


COMMENTS
අපි දන්නෙ නැහැ කොහේදි අල්ලාගත්තද කියලා. චීන මුහුදෙදි අල්ලාගත්ත නම් ඒ වේලාවෙදිම වෙඩි තබා විනාශ නොකරපු එකේ වැරැද්ද තමයි අපිට පේන්නෙ. (නි)
මම හිතුවේ ලංකාවේ විතරයි කියලා ඕවා වෙන්නේ (නි)
බලන්න ලංකාවේ කීදෙනෙක් ඇමෙරිකාවට කඩේ යනවද කියලා. ජාතික ආරක්ෂාව ඇමරිකාවට වගේම චීනයටත් වැදගත්. චීන යානයක් ඇමෙරිකන් මූහුදෙදි හමුවුණොත්...? (නි)
මේ කතාව ඇමරිකාවේ ලැජ්ජාව වසා ගැනීමට කියපු කතාවක්. චීන මුහුදු කලාපයට බලහත් කාරයෙන් ඇතුළු වූ විට චීන නාවික බලකාය විසින් මෙම යාත්‍රාව අත්අඩංගුවට ගනු ලැබුවා. මම දකින්නේ චීනය නිසි නිතිය ක්‍රියාමක කළ බවයි. ඇමරිකාව ලැජ්ජාව වසා ගැනීමට මෙවැනි ප්‍රකාශ කළාට ඔවුන්ට හිතන හිතන විදියට ලෝකේ කරක් ගහන්න බැරි බව දැන ගත යුතුය. (බ)
චීනට මේක කළු පැල්ලමක්. දැන් ඉතින් ඕකේ තාක්ෂණය කොපිකරයි අගේට (නි)
සිල්වා, මේ ඩ්‍රෝන යානය අත්අඩංගුවට ගත්තේ ජාත්‍යන්තර සීමාවේදී.
ඉල්ලගෙන පරිප්පු ක්නනද කොහෙද හදන්නේ. (නි)
නියමයි අශිකා. ඔයා හරි (නි)
හිමාල්, දකුණු ඉන්දියානු ධීවරයෝ කියන්නෙත් ඕක තමයි. අපේ මුහුදු කලාපෙට ඇවිල්ලා කරන දේ දන්නවනේ (නි)
කපිල, චීනෙට කඩේ යන අයත් ඉන්නවා ඉතින්. (බ)
සිල්වා, දන්න දෙයක් කතාකරන්න. මේක සාගර දත්ත විශ්ලේෂණය සඳහා යවපු යානයක්. අත්අඩංගුවට අරන් තියෙන්නෙ ජාත්‍යන්තර මුහුදි සීමාවේ. චීනයත් එ්ක පිළිගෙන තියෙනවා. එ්කයි ආපහු දෙන්න හදන්නෙ (නි)
චීනය යනු බෞද්ධ රටක් සහ අපේම ආසියාතික රටක් , ලොව ජනගහනය සහ තාක්ෂණය අතින් ඉහළම රටක්,ඒ වගේම ඔවුන් අපේ ළඟම හිතවත් රටක් එය ඉතාමත් ඇත අතීතය දක්වා විහිදෙනවා,මෙතන ඉතිහාසය සහ චීනයේ සීඝ්‍ර දියුණුව මෙන්ම බලවත් බව,නොදන්නා හරකුන් පිරිසක් සිටින බව නම් පැහැදිලි (බ)
චීනෙට ඇගිලි ගහන්න ඇමරිකාවට බැහැ (හේ)
චීන්නු තමයි ලෝකේ ඉන්න ලොකුම හොරු. ඔවුන් ඕනෑම නිර්මාණයක් හොරකම් කරන්නේ කිසිම ලැජ්ජාවක් නැතුව (නි)
මොවුන් චීනේ ඔත්තු සොයන්න ගිහිල්ලා අහුවෙලා. ඇමරිකාව ලැජ්ජාව වසා ගැනීමට දැන් බේගල් කියනවා. (නි)