චීනයේ ඇතිවී තිබෙන ගංවතුර තත්ත්වයෙන් මිය ගිය ප්‍රමාණය 150 දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් වාර්තා පවසයි.
උතුරු හා මධ්‍යම චීනයේ හෙබෙයි සහ හෙනාන් ප්‍රාන්තවල ඇතිවූ ජල ගැලීම් හා නාය යෑම් හේතුවෙන් විශාල පිරිසකට උන් හිටි තැන් අහිමිව ඇතැයි කියති.
හෙබෙයි ප්‍රාන්තයේ අඩු ගණනේ පුද්ගලයන් 114 දෙනකු පමණ මිය ගොස් ඇති බවත් 111 දෙනකු අතුරුදන්ව ඇති බවත් කියති. නිවාස 53000ක් විනාශයට පත්ව ඇත.
ෂින්ටායි නගරයේ පුද්ගලයන් 25 දෙනකු මියගොස් ඇති අතර එහි ජනයා රජය ජලගැල්ම සම්බන්ධයෙන් පෙර දැනුම්දීමක් නොකළ බව කියමින් විරෝධතා දැක්වූහ. දහස් ගණනක්වූ ගම්වැසියන් පාර අවහිර කරමින් සිදුකළ විරෝධය පොලිසිය මැදිහත්වී සමථයකට පත්කළ බවද වාර්තාවේ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ කාලගුණෙන් ඇහුවනම් කියනවනේ...(බ)