‘එච්7එන්9’ කුරුලූ උණ රෝගය ව්‍යාප්ත වීමෙන් චීනයේ මියගිය ගණන 43 තෙක් ඉහළ ගොස් ඇතැයි එරට සෞඛ්‍ය අධිකාරිය නිකුත් කළ වාර්තාවක දැක්වේ.
එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වී ඇත්තේ ඉකුත් ජූනි මස අවසන් වෙද්දී, උණ රෝගය වැළැඳුණු එකසිය තිස් දෙනකු රෝහල් ගතව ප‍්‍රතිකාර ලබමින් සිටි බවය.
රෝගීන් ප‍්‍රමාණය ඉහළ යෑම හේතුවෙන්, දැනට පවතින ‘එච්7එන්9’ කුරුලූ උණ රෝගය, වැඩි දියුණු වී වෙනස් ආකාරයකින් බෝ වීම සිදුවිය හැකි යැයි චීන සෞඛ්‍ය බලධාරීහු බිය පළකරති.
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත්තේ උණ රෝගය එසේ වැඩි දියුණු වී, ව්‍යාප්ත වන බවට තමන්ට කිසිදු සාක්ෂියක් මෙතෙක් හමුවී නොමැති බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාලදිවයිනට වැඩිපුරම එන්නේ චීන ජාතිකයින් , අපි සැමවිටම වැඩ කරන්නේ ඔවුන් සමගයි (දී)