පොළොවෙන් අඩි 430 ක් උසින් රැහැන් එකට ගැටසා ඉදිකරන ලද වේදිකාවක කූඩාරම් ගසාගෙන සිටිනා පිරිසක් ඇමරිකාවේ ඌටා ප‍්‍රාන්තයේ සිටිති.
ඔවුන් නිදාගැනීම,ආහාර පිසීම ආදී සියලු කටයතු කරනුයේ මෙම වේදිකාව මතය.කදවුරු තැනීමේ කලාවේ අලූත්ම ආරක් ලෙස මෙය හැදින්විය හැකි බව ඔවුන්ගේ අදහසයි.
පහළට වැටී මියයාමේ හෝ බරපතල තුවාළ ලැබීමේ ඉහළ සම්භාවිතාවක් ඇතත් මෙවන් ස්ථානයක සිට ස්වභාවධර්මයා හා ගනුදෙනු කිරීමට හැකි වීම වටිනා බව ඔවුහු කියයි.අනෙක හොද පරිසමින් දැනටමත් තමන් මෙම ස්ථානයේ දින කිහිපයක් ගත කර ඇති නිසා මුලදී තරම් බියක් නොදැනෙන බවද ඔවුහු පවසති.
කූඩාරම හා රැහැන් වලින් තැනූ ආධාරකය යන මුලූ ව්‍යුහයම බිමදී තනා ඉහළට ඔසවා තිබේ.මෙය අහසේ රැදැවී ඇත්තේ අඩි ගණනක් ගැඹුරු ප‍්‍රපාතය දෙපස ගැටගසා ඇති රැහැන් වලට පින්සිදු වන්නටය.
COMMENTS
අපේ ලංකාවෙත් ඉන්නේ ඕනෑ තරම් බිමින් නොගොස් උඩින් යන අය. බලයත් ධනයත් පමණි අපේ අයට අවශ්‍ය. ඒ දෙකම නැති දාට බිමට වැටිලා ආපසු බිමින් යන අයද බොහෝ සිටිති ලංකාවේ (නි)
අපේ ගොඩක් අය අහසෙනේ මාලිගා හදන්නේ. ඔන්න දැන් ඒකත් ඇත්තක් වෙලා. (නි)