IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ගෝලීය එකමුතුවට ඇමෙරිකාව නැහැ

නව කොරෝනා වයිරසය පාලනය කළ හැකි එන්නතක් නිපදවීම සහ එය ලොව පුරා බෙදා හැරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලිකත්වයෙන් කෙරෙන වැඩසටහනට සම්බන්ධ නොවන බව ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රකාශ කරයි.

ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කර තිබෙන ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරස වසංගතය මර්දනයකළ හැකි එන්නතක් නිෂ්පාදනය කිරීම, එය ලොවපුරා බෙදාහැරීම යනාදී ගෝලීය වැඩසටහනට රටවල් 150කට වැඩි සංඛ්‍යාවක් සම්බන්ධ වී සිටියි. එම ගෝලීය වැඩසටහන ‘කොවැක්ස්’ යනුවෙන් නම් කර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි බහුපාර්ශවීය සංවිධානවල බලාත්කාරයට ලක් වීමට අවශ්‍ය නැති බව සඳහන් කරමින් ඇමෙරිකා එක්සත් ජනපදය එම ගෝලීය වැඩසටහනෙන් ඉවත්ව ඇත.

‘‘ඇමෙරිකා එක්සත් ජනපදය වයිරසය පරාජයට පත් කරනවා. අපි අපේ ජාත්‍යන්තර පාර්ශවකරුවන් සමඟ එක්ව වයිරසය පරාජයට පත් කිරීම සඳහා සටන් වදිනවා. චීනයේ බලපෑමට ලක්වූ ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි දූෂිත බහුපාර්ශවීය සංවිධානවල බලපෑමට ලක්වීමට අපි සූදානම් නැහැ’’ යැයි ධවල මන්දිර ප්‍රකාශක ජඩ් ඩියර් පැවැසීය.

ට්‍රම්ප් පරිපාලනය සහ ලේක සෞඛ්‍ය සංවිධානය අතරේ අර්බුදයක් පවතී. එම අර්බුදය හේතුවෙන් ඇමෙරිකාව, ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් කරගැනීමට ද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉකුත් ජූලි මාසයේදී පියවර ගත්තේ ය.

ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයේ කීමට කන් දෙමින්, කොරෝනා වයිරස වසංගතය සම්බන්ධයෙන් සැබෑ තොරතුරු ලොවෙන් වසං කළේ යැයි චෝදනා එල්ල වූ අතර එය මුල් කරගනිමින් ඇමෙරිකාව සහ ලෝක සෞඛ්‍ය සංවිධානය අතර අර්බුදයක් හටගත්තේ ය. ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයේ රූකඩයක් වී ඇතැයි ද ජනාධිපති ට්‍රම්ප් දිගින් දිගටම චෝදනා එල්ල කළේය.

වයිරසය සම්බන්ධයෙන් කල්වේලා ඇතිව අනතුරු ඇගවීම් කෙරුණේ නම් ඇමෙරිකාවේ නව කොරෝනා වයිරස ආසාදිත මරණ ඉහළ නොයනු ඇතැයි ද ජනාධිපති ට්‍රම්ප් චෝදනා කළේය. ලෝක සෞඛ්‍ය සංවිධානය, ඇමෙරිකානුවන්ගේ පමණක් නොව ලෝ වැසියන්ගේ විශ්වාසය කඩ කළේ යැයි ජනපති ට්‍රම්ප් අවස්ථා කිහිපයකදීම පැවැසීය. ලෝක සෞඛ්‍ය සංවිධානයට නව ප්‍රතිසංස්කරණ අවශ්‍ය යැයි ද ජනපති ට්‍රම්ප් පෙන්වා දී ඇත.

නව කොරෝනා වයිරසය ආසාදනය වීම වැළැක්වීමේ අරමුණින්, සිරුරේ ප්‍රතිශක්තිය ඇති කරන එන්නත් නිපදවීමට ඇමෙරිකාව ඇතුළු රටවල් රැසක් අතරේ තරගයක් පවතී. මේ වනවිට බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය මැදිහත් වී එන්නතක් නිපදවා ඇති අතර, එය අතුරු ආබාධවලින් තොර එකක් යැයි වෛද්‍යවරු සහතික වෙති. රුසියාවත් චීනයත් වෙන වෙනම මෙන්ම එකට එක් වෙමින් ද එන්නත් නිපදවා ඇත.

ජනාධිපති ට්‍රම්ප්ගේ උපදෙස් මත ඇමෙරිකාවේ ඖෂධ නිෂ්පාදන සමාගම් කිහිපයක් එන්නත් නිපදවීමේ කටයුත්තට යොමු වී ඇති අතර ඒවා ද සාර්ථක වෙමින් පවතී. ට්‍රම්ප් පවසා ඇත්තේ එසේ නිපදවන එන්නත් සියලුම ඇමෙරිකානුවන්ට නොමිලේ බෙදා දෙන බවය

රොයිටර්/ඒ.එෆ්.පී.

055



අදහස් (2)

ගෝලීය එකමුතුවට ඇමෙරිකාව නැහැ

thilak Friday, 04 September 2020 01:36 AM

අද කොරෝනා වෛරසය නිසා ලෝකයටම ඇතිවී තිබෙන අහිතකර තත්වයට, චීනය මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය එකසේ වග කිව යුතුයි. මා සිතන්නේ මෙහිදී ඇමෙරිකාව ගත් පියවර නිවරදියි කියායි.

:       308       226

සේන Friday, 04 September 2020 05:01 AM

ලෝකයම එකාමෙන් වසංගතය සඳහා උත්තර හොයන්න යනකොට මේ මහතා ඇමෙරිකාව ගැන විතරක්ම කතා කරනවා. හිට්ලර් හිතුවෙත් එහෙමයි. ජය ගන්නේ නිවැරදි සිතුවිලි මිසක වැරදි ආත්මාර්ථකාමී සිතුවිලි නොවේ. එයයි ස්වභාව ධර්මයේ න්‍යාය

:       162       255

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 660 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site